1️⃣6️⃣ වන දිගහැරුම

295 45 13
                                    


°°°°°°°°°°°°°°°°°°°°°°°°°

#මහින්ස

" අපේ මහත්තයා ...! කොල්ලා දවස් කීයක් නම් අර  කාමරේට වෙලාද , අඩුම ඒ ළමයා කනවවත් මං දැකලා නෑ "


" හිටපුදෙන්,
කොච්චර නොකා නොබී හිට්යත් ලබන සතියේ මේ් මැරේජ් එක වෙනවා ..
එච්චරයි ! "

ඒ හඬ ස්ථිරයි ...
තෙතමනයක ලකුණක්වත් තිරණයේ තිබුණේ නෑ..

" අපේ මහත්තයා !! "

මද සිහියකින් වුනත් පහල වෙන කතා බහ මහින්ස අහගෙන..
එදා ඉදලා අද වෙනකම් මහින්ස සිහියකින් හිටිය දවසක් මතක නැ...
තුන්වෙලට ගේන කෑම එක...
හිතුනොත් විතරයි මහින්සගේ කුසට ගියේ...

වෙනදට හරි පිළිවෙළට තිබ්බ කාමරේ...
සතියකින් අස් කරපු පාටක් නෑ..... ගතින් ගැලවූ  ඇදුම් හැමතැනම.....
කාමරේ පුරා  අවසන් වු බියර් කෑන් විසිරිලා ,
මේ හැමදේම .....මහින්සගේ වේදනාවේ සාක්ෂි ගෙනාවා...

අදුරුවෙලා ගිලුනු දෑස්... 
වෙනදට වීදුරු වගේ දිලිසෙන ඇස්.. අද බොර පාට වෙලා..
සුව නින්දක් ලබපු පාටක් ඒ මුහුනේ අහලකවත් නැ..
දිශාන්ගේ වෙන්වීමවත් මෙච්චර රිදුනද කියලා මහින්ස කල්පනා කරා...
එක වෙලාවක පපුව හාරගෙන එන දැවිල්ල ....
මහින්සට හිතෙන්නේ මැරිලා ගියානම් හොදයි කියලා

ජනෙල් රෙදි වලින් පෙරිලා එන පුංචි ආලෝක ඇරෙන්න මුළු කාමරේම තිබ්බේ අඳුරක් ,

වැනි වැනිම මහින්ස  ගියේ ජනෙලේ ලගට...
ජනෙල් පියන අරිද්දි කඩාගෙන ආව හුලඟ , ෂෝටක් විතරක් ඇදන් හිටිය මහින්සගේ ගත සිපගෙන හමාගෙන ගියා,

එතරම් හවස්වෙලා නොතිබුණත් වටපිටාවේ තිබුණේ අදුරක්
වැස්සකට අර අදින අහස...
මට හිතුනේ මගේ ජිවිතේත් ඒ වගේ කියලා ..

අද උදේ ඉදලා විටින් විට එන දිශාන්ගේ මතක,
හේතුවක් නැතුව අද ඔහුව මතක් වෙනවා වැඩි,
ඔහු නිසා තුවල වුන හිත කේශ්වර සර් නිසා තව තව පැරෙද්දී.......
මහින්සට හිතුනේ තවත් මත් වෙන්න .
හැම මතකයක්ම අමතක වෙලා යන්න මත් වෙන්න .....

ආයේ කාමරේට හැරුණ මහින්ස ඇදට වැටුනා..
රිදුමක් වුනත් මහින්ස ආසයි ඒ මතක වලට,
දීශාන් කේශ්වර සර් එක්ක ගෙවපු ඒ ටික දවසට මහින්ස ආදරේ කරා...
මහින්සගේ හිතේ දිශාන්ට තිබිච්ච ආදරේ හරි අවංකයි ....
මහින්ස ඒක පිළිගන්නවා ,

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now