Chapter 04

225 82 37
                                    

ගිය අවුරුද්දේ ගිහින් හිටපු අයව පිළිගත්තට පස්සේ ඊළඟට එළඹිලා තිබුණේ අලුත් සුරංගනාවියන්ට රාජකාරි බෙදලා දෙන අවස්ථාව

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

ගිය අවුරුද්දේ ගිහින් හිටපු අයව පිළිගත්තට පස්සේ ඊළඟට එළඹිලා තිබුණේ අලුත් සුරංගනාවියන්ට රාජකාරි බෙදලා දෙන අවස්ථාව.

බත්කූරෝ ඇවිත් පේළියට එයාලගේ රාජකාරිය ලියලා රෝල් කරපු හේසල්නට් කොළ බෙදාගෙන බෙදාගෙන යද්දි ජිමින් ටේගේ අත තද කරලා අල්ලගත්තා. ඒ තත්පරේම ටේහ්‍යුන්ග්ගේ අත ඊටත් වඩා තදින් ජිමින්ගේ අත එයාගේ අත අස්සෙ ගුලි කරගත්තා.

එයාගේ ඊළඟ බර්ත්ඩේ කේක් එක කපද්දී කරන්න තියෙන විෂ් එකත් ණයට අරගෙන ජිමින් ප්‍රාර්ථනා කළේ එයාට ටේහ්‍යුන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන විදිහේ වැඩක් නම් වෙන්න එපා කියලා.

ඒත් ප්‍රාර්ථනා කරන හැමදේම ඒ විදිහටම සිද්ධ වෙයිද ?

ජිමින් එයාගේ හේසල්නට් කොළේ දිග ඇරලා බැලුවේ දිග හුස්මක් අරගෙන.

~ලේනුන්ට හිම වැටීම පටන් ගැනීමට පෙර නිවෙස් වෙත යාමට මඟ පෙන්වීම~

ජිමින්ගේ කොළේ ලියලා තිබුණා.

එතකොට ටේගේ රාජකාරිය...

~මල් පෙති දිග හැරීම~

එයාලා දෙන්නා එයාලගේ රාජකාරිය මොකක්ද කියලා දැක්කට පස්සේ එයාලා දෙන්නම මූණෙන් මූණ බලාගෙන හිටියේ එතනින් එහාට එයාලා මොකක්ද කරන්න යන්නේ කියලා හිතාගන්න බැරුව.





එයාලා දෙන්නා එයාලගේ රාජකාරිය මොකක්ද කියලා දැක්කට පස්සේ එයාලා දෙන්නම මූණෙන් මූණ බලාගෙන හිටියේ එතනින් එහාට එයාලා මොකක්ද කරන්න යන්නේ කියලා හිතාගන්න බැරුව

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.
Snow Flowers (Vmin - Completed)Où les histoires vivent. Découvrez maintenant