1.The main house

559 92 64
                                    

"ඔයාගේ වයසේ ළමයි අපේ එකේ ඉන්නවා ජන්කුක්.. මං ඔයාට එයාලව අදුන්වලා දෙන්නම්! ඒ වගේම මේකේ ඉන්න දක්ෂම අය ගොඩේ එයාල උඩින්ම ඉන්නවා!" ජිහුන්, ජන්කුක්ව එක්කගෙන ඇවිත් තිබුනේ එයාගේ mafia house එකට! අවුරුදු ගානකට පස්සේ ජන්කුක් seoul නගරය මැද්දේ තිබුණු වෙනම නගරයක හිර වෙලා! බුසාන් වල තිබුනු නැවුම් සුවද නැතිව ජන්කුක්ට දැනටම පාළුවක් දැනුනා, ඒ වගේම මේ පරිසරය වචනයෙන් කියාගන්න බැරි තරම් අප්‍රසන්න බවක් දැනුනේ ජන්කුක්ට...

එයාල ඇවිත් හිටියේ ඇති විශාල කාමරයකට, එයාල දෙන්න එද්දී හිටිය අති විශාල සෙනග දෙපැත්තට වෙලා එයාල දෙන්නට එතැන තිබුණු වේදිකාවට යන්න ඉඩ හදා දුන්නා...

"සුභ උදෑසනක්!" ජිහුන් හැමදෙනේක්ටම සුභ පැතුවේ ජන්කුක්ව තමන්ගේ එහා පැත්තෙන් තියාගෙන.. ජන්කුක් ගේ මුණ දැක්ක කිසිම කෙනෙක් විශ්වාස කරේ නෑ මෙයා මෙතැන ඉන්නේ සතුටෙන් කියලා...

"හැමෝම මෙතනට ආපු එක ගැන මං ස්තුතියිවන්ත වෙනවා, හදිස්සියේ කැදෙව්වේ වැදගත් දෙයක් දැනුම් දෙන්නයි.." ජිහුන් කිව්වේ, එතැන ඉන්න හැමෝම හරිම කෙලින්, පේලියට, අගලක්වත් නොසෙල්වී ඉන්න එක ගැන ජන්කුක් පුදුම වෙද්දී..

'හරිම disciplined!' ජන්කුක්ට මොහොතකට හිතුනා..

"ඉතින් මං ඔයාලට අදුන්වාදෙන්න කැමති අද ඉදන් ඔයාලා හැමෝගෙම Boss.." ජිහුන් එක පාරටම කිව්වේ ජන්කුක්වත් පුදුම කරමින්...

ජන්කුක්ට මෙහෙම දෙයක් කිව්වේ නැහැ? එයාට කිව්වේ එයාව ටේහ්යුන්ග්ට කාසාද බන්දලා දෙනවා කියලා විතරයි??

"What?? අප්පා??" ජන්කුක් පුදුමයෙන් තමන්ගේ අප්පගෙන් ඇහුවේ confuse වෙලා...

"ඔව් අද ඉදන් ඔයාලගේ හැමදේම බලන්නේ ජන්කුක්, මොකද මට රටෙන් පිට යන්න වෙනවා... මං ජන්කුක් එකක් වැඩ කරන්න දෙන්නෙක්ට දැනටම පවරලා තියෙන්නේ.. මං බලාපොරොත්තු වෙනවා ජිමින් හා ජින් දෙන්නා මේ meeting එකෙන් පස්සේ මගේ office රූම් එකට ඒවි කියලා.." ජිහුන් කියද්දී වේදිකාවක ඉස්සරහම හිටිය කඩවසම් තරුණයන් දෙන්නෙක් ඔලුව වනද්දී ජන්කුක් තෙරුන් ගත්තා මේ දෙන්නා තමා මේ ජින් හා ජිමින් කියන්නේ කියලා, ටිකක් උස එක්කෙනා ජින් වගේමත් ටිකක් හුරුබුහුටි පෙනුමක් තිබුණු තරුණයා ජිමින් කියලත් ජන්කුක් හිතාගත්තේ නමට අනුවයි... දවසට රෝගීන් 10-15 වඩා බලන ජන්කුක් හොදටම නම් වලින් මිනිස්සු අදුනගන්න දන්නවා..

Arranged marriage to my rival || TaekookWhere stories live. Discover now