1️⃣7️⃣ වන දිගහැරුම

286 45 10
                                    

             🍁🍁🍁🍁

" තුහින නිලස් වීරසිංහ ..!!! "


" ඩොක්ටර් ? "


" ඔයාද තුහින "


" මගේ යාළුවා ඩොක්ටර් ...
එයා වෙෂ්රෑම් එකට ගියා "



" ආ... හරි එහෙනම් යාළුවාව දැන් ගෙදර එකකගෙන යන්න පුළුවන් , එයාව ඩිස්ජාර්ච් කරලා තියෙන්නේ ,
යන ගමන් OPD එකෙන් මේ බෙහෙත් ටික අරගෙන යන්න ..
යද්දී මෙතනට ඇවිත් සයින් කරලා යන්න "




" ⁣ඩොක්ටර් යාළුවාට කොහොමද දැන් ? "




" දැනටනම් එයාට මොකුත් ප්‍රශ්නයක් නැ...
එයා ෆේන්ට් වෙලා තියෙන්නේ සමහර විට හිත මොකක් හරි දේකට කලබල වෙලා වෙන්න පුළුවන් ...
එනිවේ........ අපි බලමු, ආයේ මොකුත් ආමාරුවක් තිබුනොත් අරන් එන්න "



" තැන්ක්යු ඩොක්ටර් "



" ඕකේ ! "

______


" තුහින !...... උඹ කල්පනා කරනවා "

තුහිනගේ යාළුවා ධනුක කියන්නේ තම ත්‍රිරෝද රථයේ ඉදිපස කණ්කාඩියෙන් පෙනන මිතුරා දෙස කිහිප විටක් බලලා ඉන් අනතුරුවයි ....

" එහෙම නැ බං "


" මට කියපන් තුහින මොකක් ද එකපාරටම වුනේ කියලා ,
උඹ හරියටම දවසක් සිහි නැතුව හිටියා "



" මටත් හිතාගන්න බෑ ධනා ...  එකපාරටම මොනවා වුනාද කියලා හිතාගන්න බෑ..පිස්සු හැදෙන්න වගේ ඔළුවේ කැක්කුමක් ආවා විතරයි මතක "




" අංකල් හොදටම බයවෙලා... "



" පව් තාත්තා .... එයා පොඩ්ඩක් ඇත්තන් කලබල වෙනවා "


" අංකල් හිතාගෙන ඉන්නේ උඹ කොළඹ ගිහින් ආපු මහන්සියට එහෙම වුනා කියලා ,
මාත් එක්කත් කියව කියව හිටියේ පාස්පොට් හදන්න තනියම යැව්වේ අපරාදේ කියලා ....
ඒත් ඇත්තටම පාස්පොට් හැදුවේ නුවරින් උඹ ගියේ අනුරාධපුරේ කියලා අංකල් දන්නවා නම් ???  "



" ඒ..ධනා.. තාත්තාට මේ ගැන දැනගන්න තියන්න එපා "



" පිස්සු ද ය|කෝ ! "


අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now