1️⃣8️⃣ වන දිගහැරුම ❃

288 47 9
                                    

▁▁▁▁▁▁▁▁▁▁

සීතල වෙච්ච ටයිල් පොලවට දණ ඔබාගෙන කෑ ගහන කොල්ලා දිහාට ආවේ මැගි අම්මා ..

මහින්සගේ අතේ තිබ්බේ ඇස් වලින් පව ගා හිනාවෙන කේශ්වරගේ පිංතුරයක්..
කදුළු  බොඳවෙච්ච ඇස් වලින් මහින්ස බලා උන්නේ ඒ හිනාව දිහා..

' කොහෙමද මගේ සර් මෙහෙම හිනාවෙලා ඉන්නේ ? '

ඔහු අහන්නේ කේශ්වරගේන්..
ඒත් එකට උත්තර දෙන්න කේශ්වර තවත් ඉන්නවා ද ?
ඉන්න තැන ඉදලා උත්තර දුන්නත් ඒක මහින්ස ඇහේවිද ?


"  එ⁣..හෙ..ම  වුනේ කො⁣..හො..ම ද මගේ සර්ට මැගි අම්මේ "

මහින්ස අමාරුවෙන් වචන ඇහින්දා..



" ඇයි සුදු මහත්තයෝ ආවේ නැත්තේ ?  මගේ කොල්ලා ඇස් රිදෙනකන් බලාන උන්නා මහත්තයා එනකන් "

තමන්ගේ නොවුනත් ඒ මහළු හිතට කේශ්වර තමන්ගේ දරුවෙක්...
හඩේ තිබුණේ තම දරුවා නැති වුන වේදනාව....
ඈ මෙවා දරාගෙන ඉන්නේ පුළුවන් කමකට නෙවේ..

" මං පරක්කු නේද අම්මා !
මං ආවේ ගොඩක් පරක්කු වෙලා..
ඒත් දැන් මං... මං ඉන්න ඕනි සර් ළඟ..... මගේ සර් බලාගෙන ඇති,
පරක්කු වුනොත් සර්⁣⁣ට හරියට තරහා යනවා "

පියවි සිහිය ..... මහින්සගේන් ඈත් වෙලා
ෆෝටෝ එක දිහා බලාගෙන දොඩවන මේ කොල්ලා දිහා ඊට ටිකක් එහායින් ඉදපු තරුණයා බලා ඉන්නේ පුදුමය මුහු වෙච්ච දුකකින්..
ඒ ඇස් වලටත් කදුළු පිරුනේ වෙන දේවල් වලට ,

" මං ඉක්මනින් එනවා මගේ සර් "


මහින්සගේ ආත්මෙම වහගත්තු රුව...
ළඟින් නැතත් දුරින් ඉදලා හරි මහින්සගේ ජිවිතමය වෙච්ච කෙනා...
' ආදිත්‍ය කේශ්වර ' කොටින්ම මහින්සගේ ජීවය..

' තවත් ජිවත් වෙන්න හේතු කොහෙන් ද මහින්ස ',
                      හදවත කියන්නේ ඒක .........

ඕනැවටත් වඩා රිදෙන්නේ හදවත,
ඔහු හරි හයියෙන් හුස්ම ගන්නේ අපහසු නිසා,
රිදෙන පපුව එක අතකින්  තද කරගෙන තවමත් මහින්ස නවතින පාටක් නැත..
මහින්සටත් ඕනී ජිවිතේ අතාරින්න .....
ජිවිතයම වුණ කෙනා ළඟ ගිහින් නතර වෙන්න ...


අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now