හයවන කොටස😈

975 134 6
                                    

වදකාරයා..

..

..

..

💚 සීන් එනවකො ඕයී කන්න... ඉස්සෙල්ලා බඩගිනී කියලා මැරෙන්න ගියා... දැන් ජොකෙක් අල්ලන් නට නට ඉන්නවා... ගේ අස්සෙ ඉන්නෙ මන් විතරනෙ යකෝ ඕකත් ඕන්නෑ හෙලුවෙන් එනවකො රෙද්ද...දැකපු නැති එකක් ඈ ඕක... කටෙත් ඔබාගෙන නැටුවා මතක නැද්ද... එනවකෝ......... මට බඩගිනී මිනිහෝ........ඕ...

❤️ ඉදපන් මිනිහෝ පොඩ්ඩක්... බඩගිනි නම් කාපිය...

💚 ඔන්න බොට මදි උනා කියලා නම් කියන්න එපා හරිද පස්සෙ... 😏😏😏

යීබෝ සාලේ ඉදන් කෑ ගැහුවෙ බඩගින්න නිසාම නෙවෙයි... කොයි වෙලේ හරි තමන්ට නොකියා සීන් ජනේලෙන් හරි පැනලා යයි කියලා තිබ්බ බයට...

ඒත් ඉතින් මොකටද බය වෙන්නේ දැන් ටිකකට කලිනුත් සීන් යීබෝගේ බෙල්ලත් ලෙවකාලා පොරොන්දුත් වෙලා ඉන්නේ යන්නෙ නෑ කියලා... හෙට තමයි ජෝඩුව වෙන් වෙන්න හිතන් ඉන්නේ...

❤️ හරි... කමු... ඈහ් යකෝ... බොට වැඩියෙන් බෙදාගෙනනෙ...

යන්තමින් යට කලිසමකින් විතරක් ඇගේ දවටගෙන ආව සීන් කෑම මේසේ ලගට ඇවිල්ලා යීබෝගේ පිගානට බර වෙලා ගිරිය පුප්පද්දි යීබෝ ඉක්මනින් තමන්ගෙ ඇගම ප්‍රයෝජනයට අරන් පිගාන කවර් කරගත්තත් වැඩක් නෑ යීබෝගෙ බෙල්ල අස්සෙන් අතක් යවලා සීන් යීබෝගේ මස් අන්ඩක් ඩැහැගත්තා...

💚 තෝ නම් හොරෙක්ම තමයි... 😏😏😏

❤️ මස් අන්ඩකට කතන්දර නම් කියන්න එපා හරිද... තෝ හරියට බෙදුවා නම් මන් හොරකන් කරන්නෙ නෑනේ...

සීන් මස් අන්ඩත් හප හප ගත්තා පිගාන අතට... ෆුල් රයිස් දෙකක් ගෙනල්ලා... යීබෝට ෆුල් එකටත් වඩා බෙදලා සීන්ට පොඩ්ඩක් අඩුවෙන් තමයි යීබෝ බෙදලා තියෙන්නේ...

❤️ උබට තව ඕනද...

💚 අහ්....

කට අස්සට හුලං පොදක් වත් යන්න බැරි තරමට බත් පුරවන් ඉන්න යීබෝ සීන් දිහා බැලුවෙ ඇස් ලොකු කරන් කටත් පුම්බගෙන...බෑනේ ඉතින් මේ හොරා එක්ක කරන්න... මේකා ඕනාවට වඩා අනිත් එකා ගැන හිතනවනේ...

ඇත්තටම සීන් කොහොම හොරෙක් උනාද මන්දා...

💚 ආ...

වදකාරයා 😈 (Completed )Where stories live. Discover now