10.🚊

142 51 24
                                    


" ආ...හ් ජිමිනී.. ඔයාට මොකද්ද අනේ උනේ.. මගේ පස්ස ආ..හ්"


A few minutes ago

රෑ කෑමෙන් පස්සේ කිචන් එක අස් කරන වැඩේ භාරගත්ත ජන්කුක් ජිමින්ව බෙඩ්ෲම් එකට යැව්වේ ඒ වෙනකොටත් ජිමින් හිටියේ නිදාගෙන නිසා. සෝෆා එකේ පෙරලිලා කකුල් දෙකත් උඩ දාගෙන නිදාගෙන හිටපු ජිමින්ව අත් දෙකෙන්ම උස්සගත්ත ජන්කුක් එයාව රූම් එකට එක්කන් ගිහින් සනීපෙට ඇදේ හාන්සි කරවලා ශීට් එකකුත් පොරවලා පහලට ආවා.

විනාඩි දහයක් ඇතුලත මුලු කිචන් එකම අස් කරලා පිලිවෙලක් කරපු ජන්කුක් අන්තිමට අනිත් රූම් එකෙන් වොශ් එකකුත් දාගෙනම ජිමින් ඉන්න රූම් එකට ගියේ එයාගෙ පුංචි සද්දයක් නිසා හරි ජිමිනි ඇහැරෙයි කියලා එයාට ඇති උනු බය නිසා.

ඒත් ජිමින් ඉන්න රූම් එකට ගියපු ගමන්ම ජන්කුක් දැක්කේ ශීට් එක අස්සේ ගුලි වෙලා කොට්ටෙකුත් බදාන පිස්සුවෙන් වගේ පෙරලි පෙරලි මොනාදෝ මුමුනන ජිමින්ව.

" ජිමිනී..?"

මොකද්ද ඒ වෙන්නේ කියලා හිතාගන්න බැරි උනු ජන්කුක් එයාට පුලුවන් තරම් ඉක්මනට ජිමින් ලගට පියාබලා වගේ දුවන් ගියේ හිතේ ඇතිවෙච්ච බය නිසාමයි.

" ජිමිනී.. මොකද මේ.."

ඇද උඩ එහාට මෙහාට පෙරලෙන ජිමින්ව ජන්කුක් කොච්චර ඇහැරවන්න හැදුවත් ජිමින් නෙවෙයි එයාගෙ ඇස් ඇරියේ. එයා ජන්කුක් එයාට අත තියන්න තියන්න යටිගිරියෙන් බෙරිහන් දෙන්න ගත්තේ හොදටම බය වෙලා වගේ.

" බලන්න මගේ දිහා මගේ ජිමිනී.... ඇයි ඔයා ජන්කුකීට බය වෙන්නේ ආ..............."

ජන්කුක් ජිමින්ගේ ඔලුව අතගාන ගමන් ජිමින්ව ඇහැරවන්න උත්සහා කලා. ඒත් ජිමින් කලේ එයා කියන කියන වචනෙට තවත් දෙයක් කිය කිය ඇස් වහගෙන කෑ ගහපු එක විතරමයි.

අන්තිමට ජිමින්ට කතා කරන එක නවත්තපු ජන්කුක් ජිමින් දිහා ටික වෙලාවක් බලන් ඉද්දි මේ කලබලේ ඇහිලා මොකද්ද මේ වෙන්නේ බලන්න එයාලගෙ කාමරේට හොරෙන් හොරෙන් ඇවිදන් ආපි මේරි පැටියා ජන්කුකීගේ කකුල් දෙක ලග ඇතිල්ලෙන්න ගත්තා.

" මේරී මෙහෙ එන්න..... ඔයාට පුලුවන් නම් දැන් ඔයාගෙ ජිමින්ට කතා කරන්න.... මේක තමයි හොදම වෙලාව... කෝ මෙහෙ එන්න මේරී......."

අන්තිමට එයාට බැරිවෙච්චි දේ බව්වාට කියලා හරි කරගන්න හිතුව ජන්කුකා පුංචි මේරි පැටියව උස්සලා අරන් ජිමිනිගේ මූන ලගින් තිබ්බා. ටික වෙලාවක් කොට්ටෙ බදාගෙන තදින් ඇස් වහගෙන ඉන්න එයාගෙ පපා දිහා බලන් හිටපු මේරි එකපාරම ජිමිනිගෙ මූනට නැවිලා ඒ කම්මුල් කෙල වලින් නෑව්වේ ජන්කුකාගේ මූනෙන් හීනියට හිනාවකුත් පනිද්දි.

ඒත් තවත් තප්පර දහයක් ගත වෙන්න ඇති ජන්කුක් දැක්කා ජිමින් එයාගෙ ඇස් දෙක ලාවට හොලවන හැටි. ඒත් එක්කම ජන්කුක් හිතුවේ ජිමින් නැගිටින්නයි හදන්නේ කියලා.

ඉතින් හිනාවෙවීම ජිමින්ව පිටිපස්සෙන් බදාගත්ත ජන්කුකා මොනාදෝ මුමුනන ගමන් ජිමින්ගේ අත් දෙක අල්ලගත්තා. ඒත් එයා හීනෙන්වත් හිතන්න නැතුව ඇති එයාට තව තප්පරේකින් පස්ස බිම ඇනගන්න සිද්දවෙන බව.

ඔව් තවත් තප්පරයක් ගතවෙද්දි ජන්කුක්ගේ පැත්ත හැරුනු ජිමින් එයාගෙ කකුල පුලුවන් තරම් උස්සලා ජන්කුකාගෙ බඩට ප්‍රහාරයක් එල්ල කලේ අසරන ජන්කුකාව ඇදෙන් ඈතට විසිවෙලා ඩොහ් ගාලා බිමට වැටෙද්දි.

" ආ...හ් ජිමිනී.. ඔයාට මොකද්ද අනේ උනේ.. මගේ පස්ස ආ..හ්" 

🤷‍♀️



.......................................... 👻

හේ හේ හීනයක් නේ.. කෝ අර කෝච්චියට බෙල්ල තියනවා කිව්ව කැරට් අලේ ආ.... දැන් තියප් බලන්න.

මම කියනවට දැන් ගිහින් හත්වෙනි එපියේ ඉදන් තද කලු අකුරෙන් තියෙන ටික කියවන් එන්න බලන්න ජන්කුකා ජිමිනිව නැගිට්ටවන්න දරලා තියෙන උත්සාහය බලන්න.

ඒ ටිකත් එයාගෙ හීනෙන් පේන ඩ්‍රාමා එකේම කොටසක් කරගත්ත ජිමිනී නම් හොදට නිදාගෙන නේද..?  🤦‍♀️

MIDNIGHT TRAIN 🚊 short story [ completed ]Where stories live. Discover now