chapter 3

108 18 15
                                    

දීව් අභි එක්ක ලුණු බෝතලේ අරන් යද්දී මම අයෙමත් පොත බලන්න පටන් ගත්තා.

ආ... හරි.. රනුව... දැන් මේ තරුවේ කොන් පහකින් අපි පස් දෙනා ඉදගන්න ඕනි... ඉදගෙන අත් අල්ලන් යක්ෂයාට කතා කරන්න ඕනි...

පොඩ්ඩක් ඉදන්... දැන් අපි ඉදගෙන නිකන්ම යක්ෂයා අයියේ... ඔයාට කොහොමද ඇහුවම ඔය මගුල ඉවරද...

අනේ ඇත්තටම විශ් උබ මගේ මිනිහද කියපන්....

ඒක ඉතින් මට වඩා හොදට උබ දන්නවනේ බේබ්...

එහෙම නෙවෙයි මිනිහෝ... මේකේ තියෙනවා මොනවද මන්තර වගයක් ඒවා කියන්නත් ඕනි.... තමන්ගේ ආත්මේ යක්ෂයාට බාර කරනවා කියලා තමයි උට කතා කරන්න ඕනි....

හරි... ඕනි මගුලක්... පටන් ගනින්කෝ එහෙනම්...

විශ් තරුවේ එක කොනක් ගාව ඉදගන්න ගමන් පටන් ගන්න කියද්දී අනිත් අයත් ඉදගන්න කම් හිටපු මම ඉටිපන්දම පත්තු කරා. ඉටිපන්දම් එලිය පොතට වැටිලා අකුරු පැහැදිලිව පේන්න ගද්දි ඉංග්‍රීසි වැල් අකුරින් තිබ්බ වචනය මම ගැට ගගහා කියෙව්වා. එක පාරටම වහල තිබ්බ ජනේලයක් ඇරිලා සාලේ ඇතුලට හුලන් එද්දී මේඝ හැදුවේ නැගිටලා ගිහින් අරුණු ජනේලේ වහන්න උනත් අතර මැද නැගිටලා යන්න බෑ කියලා පොතේ තිබ්බ වාක්‍ය මතක් කරගත්ත මම එයාට නැගිටින්න නොදී එයාගේ අත අල්ලගත්තා. මට දෙපැත්තෙන් මේඝ රනු දෙන්න ඉද්දි මම රනුගේ අතත් අල්ලගන්න ගමන් අනිත් අයටත් අත් අල්ලගන්න කියලා ඉගි කරා. අපේ අත් එකට දම් වැලක් වගේ බැදිලා යනකොට මෙච්චර වෙලාම පත්තු වුනු සාලේ ලයිට ඩිම් වෙලා දෙතුන් පාරක් නිමි නිමි පත්තු වෙලා අන්තිමට නිවිලම යද්දී එළියක් කියලා ඉතුරු වුනේ ඉටිපන්දම් එලිය විතරක් වෙනකොට මගේ අතකට තදවෙලා තිබුණු රනුගේ අත දාඩියෙන් තෙත් වෙලා තිබ්බා... ඌ වෙව්ලනවා... නැවතිල්ලක් නැතුවම ඌ වෙව්ලනවා.. අයෙත් මම පොතේ තිබ්බ විදිහට සාක්කුවේ තිබ්බ පොඩි හැට්ට කට්ට අරන් දබර ඇගිල්ල හිල් කරලා ඒ ආපු ලේ බින්දු දෙක තුන තරුවේ මැදට දාද්දි ජනෙලෙන් එන හුලන් පාර වැඩි වෙද්දී මෙච්චර වෙලා පත්තු වුන ඉටිපන්දමත් නිවිලා ගියා. වහලෙට වැටෙන පොද වල සද්දෙත් එක්ක හැමදේම එලිය කරන් අහසේ අකුණක් පුපුරලා යද්දී ඉටිපන්දම නිවිලා ගිය නිසා තව දුරටත් පොතේ තිබ්බ මන්තරේ කියවගන්න බැරි වෙද්දී මෙච්චර වෙලාම බයෙන් වෙව්ල වෙව්ල හිටපු රනු කෑගහන් නැගිටිනවත් එක්කම නිවිලා ගිය ලයිට් අයෙත් පත්තු වුනා.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 27 ⏰

Add this story to your Library to get notified about new parts!

satan's circle Where stories live. Discover now