2️⃣0️⃣ වන දිගහැරුම

345 50 13
                                    

" බොස් අරූ කට අරින්නේම නැ වගේ ......ඊටමත් ඌව කන්ට්‍රෝල් කර ගන්න අමාරුයි "

" හහ්.... අවජ&%#& බ&@% ඌ හිතන් හිටියේ අර ආම් ලොක්කා එක්ක එකතු වෙලා මාව අල්ලන්න ..
උෟ දන්නේ නෑ මේ රණබාහු කියන්නේ කවුද කියලා "

" මොන ක්‍රමයෙන් හරි ඌගේ කට අරින්න වෙනවා..... හැබැයි මැරෙන්න බැ..
මොකද මට තව ඌගෙන් කර ගන්න වැඩ තියනවා "

" මොකද බොස් කරන්නේ ?? "

" ඌට අපාය පෙන්නපන් වේදනාව කියන්නේ මොකක්ද කියලා කියලා දීපන්......
කොහොමහරි අර චිප් එක තියෙන්නේ කොහෙද කියලා මට දැනගන්න  ඕනී..."

" මේජර් කාරයාගේ වාහනේ ඒක තිබුණේ නැ.. කියන්නේ වෙන කොහෙම හරි ඒක තියෙන්න ඕනි "

" ඒත් බොස් ??? දැනටමත් අපි දිලා තියන බෙහෙත් වාර හොදටම වැඩි "

" උඹට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නැ.. මං කියපු දේ කරපන්, දෙන ප්‍රමාණය වැඩි කරලා දීපන් "

" ⁣බ්...බොස් ?? "

" පලයන් ! ඩැනි  මගේ යකා අවුස්න්නේ නැතුව,
තොපි ඔක්කොම මාව නැති කරනවා "

මහින්සගේ තාත්තා බෙරිහන් දුන්නේ ඔහුගේ සහචරයෙකුට...

________

#මහින්ස

මහල් තිස් හතරකින් යුත් ගොඩනැගිල්ලේ විසි හත්වන මහලේ බැල්කනියේ මහින්ස උන්නේ.....
රාත්‍රි අහස.... පැහැදිලි ....නිහඩයි.
මහින්ස හිටියේ බාගෙන පිය වුන දැස් වලින් ඒ අහස දෙස බලන්..

සුව නින්දක් නොලද දැස් වල තිබුණේ ගිළුනු පෙනුමක් .....
නිදි වර්ජිත රාත්‍රින් කීයක්නම් ගෙවා දැමුවද කියා ඔහුවත් දන්නේ නැ.....
ඒ දැස් වලට නින්ද අහිමි වුනේ අද ඊයෙක නොවේ.. 

වසර තුනක්.......
ඔහු නොමැත්ව ගෙවී යන්නේ මේ තුන්වන වසර,
ඊටමත් ඔහු පය ගහපු පොලොවෙන් ඈත්වෙලත් දැන් වසර තුනක් ගෙවී ගොස් අවසන්..

කාලය ගෙවිලා යද්දී ....... අතීතයේ එක තැනක ඔහු නතර වෙලා....
ඒ හරියටම " ආදිත්‍ය⁣ය කේශ්වර " ගේ නැත්නම් මහින්සගේ මුළු ජිවිතයම වුන ඔහුගේ   ම|ර|ණ|ය  වුන දවස......

මහින්ස ජිවත් වෙන්නේ ඒ අතීතයේ ..... ඔහු එක්ක ගෙවපු ලස්සනම දවස් වල..
සමහර විට ඒ අතීතයේන් ගොඩ එන්න ඔහුට උවමනාවක් නැ වගේ.

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now