🌲𝐑𝐀𝐂𝐘 𝐒𝐩𝐫𝐢𝐧𝐠💋

92 11 50
                                    

අන්තිමේ මම පුල පුලා බලා සිටී ඒගිගේ වෙඩින් එක තමයි අද! ඒගි කියලා කියන්නේ අපේ පවුලේ බාලයා!!

අපේ පවුලේ පහක් ඉන්නවා. බාලයා ඒගි. කෙල්ලෙක්! ඊටපස්සේ ඉන්නේ නෙත්ජ්ජේ! කොල්ලෙක්. ඊටපස්සේ සෙත්ජ්ජේ, කෙල්ලෙක්! ඒ දෙන්නම නිවුන්නු. ටිකක් මොළේ හොඳ නැහැ. ඊලගට තමයි ඉන්නේ අපේ ප්‍රේමභෘංග රාජයා! දුල්ජ්ජේ! මගේ ගොන් මෝඩ මල්ලි. ඊට පස්සේ තමයි මේ රාජධානියේ රැජින!! ඒ කියන්නේ මේ මම, අපේ පවුලේ චොත්ජ්ජේ ඉන්නේ!!

කොහොමහරි ඒවගෙන් වැඩක් නැහැ, අද දවසේවත් මේ මෝඩ දුල්ජ්ජේ මට පිලිවෙලකට ඉන්න දුන්නේ නැහැනේ. මගේ කොන්ඩේ සුදුවෙලා කියලා මට කියලාම මගේ කොන්ඩේ ඇවිස්සුවානේ. ඉතිං මම මගේ හීල් දෙකත් ගලවගෙන, එකක් දුල්ජ්ජේට ගහන්න අමෝරාගෙන එයාගේ පස්සෙන් දිව්වේ කෑ ගගහා. දුල්ජ්ජේට මාව අවුස්සන්න චාන්ස් එක ලැබුණේ ගොඩ කාලෙකින්, ඒකෙන් තමයි මනුස්සයා හොදටම ආතල් එක ගන්නේ.. දෙන්නම් මං අද එකක්, ඔලු කට්ට රත්වෙන්න. එනවා මෙතන මං නාකිවෙලා කියන්න. හිතන් ඇති කලින් බැන්ඳා කියලා එයාව තරුණවෙලා පේනවා කියලා. හහ්!! මෝඩයා!!!! පොඩි කාලෙම බැඳලා මෙතන!! මට මතකයි මට පඹයෙක් කියලත් බැන්නා මේකා!!! (𝐑𝐎𝐒𝐘 𝐒𝐮𝐦𝐦𝐞𝐫 ᶠᵉᵇʳᵘᵃʳʸ ˢᵖᵉᶜⁱᵃˡ ²⁰²²)

"දුල්ජ්ජේ නවතිනවා!!! නැත්නම් ඩෝං පටෝං..." මම ආයෙත් කෑ ගැහුවේ දුවන ගමන්ම, මගේ සෙරෙප්පුවෙන් දුල්ජ්ජේගේ ඔලුවටම මානං අල්ලන ගමන්. ඒත් මෙන්න එකපාරටම මම කාගේහරි ඇඟේ හැප්පුණේ මම හරියට බලන් ගියපු නැති නිසා. ඒ හැප්පුනු කෙනා කොච්චර ශක්තිමත්ද කියනවා නම් මම ආයෙත් පිටිපස්සට විසික්වෙලා වැටෙන්න ගියා. හරිනේ ඉතිං, මගේ මේ බර ගවුම එක්ක කෙලින් හිටන් ඉන්නත් අමාරුයි. ඒත් ඒ ගමන්ම මම ඇඟේ හැප්පුණු කෙනාම මාව අල්ලගත්තේ මට වැටෙන්න නොදී. මගේ කෙටි කොන්ඩය මගේ මූණපුරාම විසිරෙද්දී, ඒවා අයින්කරන්නවත් වදවෙන්නේ නැතුව මම එයා දිහාම බලාගෙන හිටියේ, එක අතකින් එයාගේ උරහිසක් අල්ලගෙන වගේම, අනික් අත එයාගේ ඉණ වටේ දාලා එයාව අල්ලගෙන. මගේ හීල් එකත් එයාගේ උරහිස අල්ලගෙන හිටිය අතේම තිබ්බා. එයාගේ අත් දෙකම මගේ ඇඟ වටේම එතිලා තිබුණේ. අපි දෙන්නාගෙම දෑස්වල තිබුණේ එකම බැල්ම! ඒ තමයි පුදුමය කියන එක..

𝐑𝐀𝐂𝐘 𝐒𝐩𝐫𝐢𝐧𝐠Where stories live. Discover now