විස්ස

749 208 37
                                    


තේමිය නාරදට එතන ඉදගෙන ඉන්න කියලා පොඩ්ඩක් එහෙමෙහෙ ඇවිදලා හොයලත් බැලුවා චානක පේන තෙක් මානෙක ඉන්නවද කියලා.

චානක නැහැ... හරියට හොල්මනක් අතුරුදහන් වෙනවා වගේ කොහේ ගිහිල්ලාද කියලා හොයාගන්න විදිහක් නැහැ. බැරිම තැන චානක කොහේ ගිහිල්ලා ඇතිද කියලා පාර්ක්එකේ පිරිසිදු කිරීම්වලට වැඩට ආපු තවත් කෙනෙක්ගෙ තෙමිය අහලා බැලුවා.

"ආ... චානකව පානදුර හොස්පිටල් එකක කට්ටිය මදිවෙල එහෙට යැව්වා..." මැදිවියේ ගෑනුකෙනා උත්තර දුන්නේ තේමියගේ මූණවත් බලන්නෙ නැතුවමයි. "සමහර වෙලාවට එහෙම කරනවා... ඇයි මොකක්ද උවමනාව?"

සැකෙන් වගේ ගෑනු කෙනා අහනකොට "මොකුත් නැහැ... නිකං..." කියලා තේමිය එතනින් මාරු උනා

නාරදට විස්තරේ කියලා එයාවත් හිට ගස්සව ගෙන තේමිය පාර්ක් එකෙන් එලියටගියේ එයාට උදව් කරපු අලුත්ම යාළුවා ආයෙමත් සැරයක් හම්බවෙලා කතාබහ කරන්න තිබුණ නම් කොච්චර හොඳයිද කියලා කල්පනා කරන ගමන්. ඒ අතරේ, නාරද කියපු විස්තරේ තේමියගේ හිත ඇතුලෙ කැරකෙනවා. ඉන්නේ කොහෙද කියල චානක කිව්වේ බොරුවක්ද... ඒහෙමත් නැත්තං ඇත්තක්ද? නාරද කිව්වවගේ පාලමට එහායින් තියෙන්නේ ගොහුරු බිමක් විතරක් නම්?

චානක එහෙම කිව්වේ ඉන්න තැන වෙන කාටවත් කියන්න තිබුණු අකමැති කමකටවත්ද කියලා ඊළඟට තේමිය හිතුවා.

"ඔච්චරම හිතන්න දෙයක් නැහැනේ... අපි යනකොට ඒ පාරෙන් ගිහිල්ලා බලාගෙන යමු...."

නාරද යෝජනා කරනකොට ඒ දෙන්නා රිස්වාන් වාහනය නවත්තගෙන හිටපු තැනට ඇවිල්ලා ඉවරයි.

රිස්වාන් වාහනෙන් එලියට පැනගෙන බැස්ස නෙමෙයි. පැනගෙන ආවා.... තමන්ගේ හොඳම යාළුවා මූණෙ හිනාවකුත් නැතුව එන විදිහ දැකපු තේමියට හිතුනෙ රිස්වාන් ළඟට ඇවිල්ලා මූණකට සමතලා වෙන්න අත මිට මොලවලා පාරක්දෙයි කියලයි. තේමිය දත් ඇඳිදෙක එකට තදකරගෙන එයාගේ හොඳම යාළුවාග්‍රෙ මුහුණේ තිබුණු හැඟීම්, කේන්තියෙන්.... සැනසිලිදායකබවට හැරෙන හැටි බලාගෙන හිටියා.

"ආයෙ ඔය වගේ මෝඩ වැඩක් කලොත් හොයාගෙන ඇවිල්ලා ගහන්නේ!" රිස්වාන් කිව්වේ තේමියව බදාගන්න ගමන්.

පෙම්බර වැද්දාWhere stories live. Discover now