" ඇත්තටම ඔයාට බස් එකේමද යන්න ඕනි මැනික ..'
" ඔව් මිනිහෝ... කීපාරක් කිව්වද අප්පා.. ඔයත් වෙලාවකට හරි කෝලමක් තමා.."
" මහලොකු දොස්තර මහත්තයා.. යන්නේ බස්වල.. ඔච්චරටම බස්වල යන්න ආස නම් කොන්දොස්තර කෙනෙක් වෙන්න තිබ්බානේ.."
" මොනාද කුටු කුටු ගාන්නේ ආ.. ඇත්තමයි ටෙඩී මට කේන්තියි ඔයා එක්ක.. කීයෙ ඉඳන්ද මං මේ කිරි එක උස්සන් ඉන්නේ.. මේක ඇල් වෙලත් ඇති දැන්.. "
" ඇයි දෙවියනේ ඔබවහන්සේ මට යක්සයෙක්ම වාහේ කරලා දුන්නේ.. කරන්න දෙයක් නෑ ආදි.. දැන් විඳෝපන්.. "
මහා ලොකු බෑන්ක් මැනේජර්.. මං නැතුව තාම ඇඳුමක්වත් තෝරගන්න බෑ හරියට.. මං ඩොක්ටර් කෙනෙක් තමා.. ඒ උනාට එයාගේ හැම වැඩක්ම මං මගේම අත් දෙකෙන් කරන්න හැමතිස්සෙම ට්‍රයි කලේ ගොඩක් ආසාවෙන් වගේම ආදරයෙන්.. කොච්චර වැඩ තිබ්බත් එයා ඉස්සරහා මටවත් නොතේරෙන විදියට මම සැහැල්ලු වෙනවා.. කෙටියෙන්ම කිව්වොත් එයා ගාව ඉන්න හැම තත්පරේකදිම මං මාවම වෙනවා...
කියලා වැඩක් නෑ... කියලා කට ගන්න උනාද අම්මපා... මොනා කරන්නද ඉතින්.. කූඩැල්ලා මෙට්ටේ උඩ තියන්න බෑ කියලා ඒ කාලේ මිනිස්සු කියලා තීන්නේ කට කහනවට නෙමේනේ.. පරක්කු වෙලා මදිවට ඒ පාර මේ මිනිහා තව මොකද්ද එකක් දිහා බලන් ඉන්නවා.. මට කේන්ති යන එක සාධාරණ නැද්ද අප්පා.. ඔයාම කියන්නකෝ..
ඔව් ඔයාගෙන් අහන්නේ.. මේක කියවන ඔයාගෙන්.." ටෙඩී......හ් "
මං කෑගැහුවා.. අල්ලපු ගෙදරට ඇහෙන තරම් සද්දෙන් මං කෑගැහුවා වගේම එයාගේ මූන දැක්කාම පපුව හත්කඩේකට පැලෙන තරම් වේදනාවක් මට දැනෙන්න ගත්තා...
එයාගේ ඇස්වල ලාවට කඳුලු පටලයක් බැඳිලා.. අනේ මං හැමදාම ඔහොමනේ ඉතින්.. එයාට ඒකට දුක හිතිලාද.. අනේ මං ඔයාගේ හිත රිද්දන්න හිතන් නෙමේනේ සද්දෙට කතා කලේ...
" මහත්තයා... අනේ ටෙඩී ඇයි මේ.. මං හැමදාම මෙහෙමනේ ඉතින්.. අනේ ඔයාට දුක හිතුනද.. සමාවෙන්නකෝ මට.. එපානේ ඔහොම ඉන්න.. "
JE LEEST
~ කෝඩුකාර ~ [ ZhanYi Oneshot ] || 🌼🦋
Fanfictieඉකි බින්ඳ ජීවිතේ.. තනිකම මැකී ගිහින්... ❤️ තව ඉඩක් නෑ හිතේ... නුඹට දුන්නා තරම්... ✨️