12 - කොටස

797 165 28
                                    

මිතුරන් දෙදෙනා මාවත් රැගෙන නොනවත්වා දිව්වා.. අප පිටුපසින්ද එන පිරිසද අත් නොහැරම හබා ආවත්.. අපද එක් මොහොතක්වත් විවේක නොගෙනම ඔවුන්ගෙන් දිවි රැක ගන්න උත්සහ දැරුවා..

එක් පසින් ආ හී පහරකින් yi පෙරලී ගොස් පල්ලමකට වැටෙද්දී.. මාව පිට මත තියාගෙන සිටි jin ලිස්සා ගිහින් පල්ලම අසල නැවතී පහල බැලුවා..

"" හූහූහූහූ........""

Yi අපට එක් ඉගියක් දුන්නේ.. ඔහු හොදින් සිටින බව අගවායි.. වෘර්ක ඇස විශාල කරගත් jin පිටුපස බලා නැවත දුවන්නට පටන් ගත්තාය..

මා සිටියේ ජීවිතේ අත් හැර.. මෑණියන් සහ පියාණන් නැති මේ ලොවේ මා මෙහි සිට කුමක් කරන්නද.. මාගේ කියා කවුරුන්ද මෙහි සිටින්නේ.. මා හට පන මෙන් සෙනෙහස දැක්වූ ඔවුන් දෙදෙනාම මා තනි කර ගියා.. මා ඇත්තෙන්ම පව් කාරයෙක් නොවේද.. jin ගෙ ගෙල වැලදෙගෙන සිටි මාගෙ සිතට එක් එක් දේ සිතුනත්.. අවසානෙදි මා හට මැවී පෙවුනේ වැංජිවයි..

"" ඔබව අවසන් වරට නොදැකම මා හට මියැදෙන්නට සිතක් නැත වැංජි..""

*
*
*
*
*
*

මා සේනාවත් පිරි වරාගෙන එමින් සිටියේ වෙයි මාලිගය වෙතටයි.. මාගේ සිතට බියක් නොදැනිම නොවේ..වෙයි යින්ග්ට කුමක් හෝ වී ඇත්ද.. ඔහු හොදින්ද නැතිද මා හට දැන ගැනීමට නොහැකි නිසාම.. මා සිටියේ හිත් තැවුලෙන්...

"" අධිරජුනි ඔබ තුමන් මාලිගයට ඇතුල් වන්නට එපා..""

"" ඔබ සේනාවත් රැගෙනම මාලිගයට ඇතුල් වෙන්න.. මා සෙන්පති සමග අධිරැජිනිය සොයා යන්නම්..""

මා පාලකට අන කරේ මේ සටනට ඔහුත් එකතු වූ හෙයින්.. මා හට හිස නවා ඔහු සේනාවත් සමග වෙන් වන මාර්ග දෙපසින් එක් මන්තීරුවක නොපෙනී යද්දී.. මා සෙන්පති සමග තරගෙක නියැලී මෙන් අසු පිට ඇදුනේ ඉදිරියට..

මාගේ සිත බියෙන් වෙලී ඇති මොහොතක්.. කිසි දින කිසි කෙනෙකුට මාව බිය ගන්වන්නට බැරි වූවා.. නමුත් අද මා බියෙන් ගැහෙනවා.. කුමක් නිසාද.....? එයට හේතුව ඔබද වෙයි යින්ග්.. ඇත්තෙන්ම ඔබට මා ප්‍රේම නොකරනවා කීවට.. මටත් නොදැනි මා ඔබට ප්‍රේම කරන්නේද..

WERE WOLF HUSBAND (Wangxian Omegaverse)Completed Where stories live. Discover now