9.

41 13 0
                                    

" හරි "
ජන්කුක් ජිමිනුත් එක්ක ඉක්මනට වාහනයට ගොඩවුනා.

එයාලා පිටිපස්සේ මුල්ලක වාඩිවෙලා ඉන්නවා.

වාහනය විදුලි වේගයෙන් ඉදිරියට ඇදෙන කොට ජිමින් ජන්කුක්ට තුරුල් වුනා.

" ජන්කුක් "
ඔලුව ටිකක් උස්සපු ජිමින් ජන්කුක් දිහා බැලුවා. එයාට මොනාද කියන්න ඕනලු. ජිවිතයේ ඉදිරිය එතරම් පැහැදිලි නැති මේවෙලාවේ ජිමින්ට මේදේ කියන්න් ඕනම උනා.

"ම්ම් "
ජන්කුක් ජිමින්ගේ කෙස් අතරින් ඇගිලි ගෙනියන ගමන් අහනවා.

" අපි බේරෙයිද? "
ජිමින් අහනකොට ජන්කුක්ගේ ඇගිලි තම හිස කෙස් අතරින් යන එක නැවතුනා කියලා ජිමින්ට තෙරුනා. ජන්කුක් හිතනවා 

" මන් හිතන්නේ "
ජන්කුක් හරි අහිංසක විදියට එහෙම කිව්වා.

" අපි....... අපි බේරිලා......මේ ප්‍රශ්න නැති වුනාම...... ආයේ හම්බෙන්නැති වෙයිද ? "
ඒ ජිමින්ට තිබ්බ ලොකුම ප්‍රශ්නය.

" සමහරවිට "
ජන්කුක් කියනකොට ජිමින් තමන්ගේ තොල හපාගත්තා.

ජන්කුක් " ඒත් " කියලා ජිමින් දිහා බැලුවා. තාම එයා කියලා ඉවර වුනේ නෑ.

" අපිට මුළු ජිවිත කාලෙටම එකට ඉන්නත් පුලුවන් , යාළුවන් විදියට , නැත්තන් හොදම යාළුවෝ විදියට හරි .... "
ජන්කුක් කතා කරන එක නතර කරලා ජිමින් දිහා බැලුවා. 

" ඒ ඔක්කොටම වඩා....... "
ජන්කුක් ලැජ්ජාවෙන් යටිතොල සපාගත්තා. ජිමින් බලා සිටින්නේ ජන්කුක් සම්පූර්ණයෙන් කතාව කියන තුරු.

" ...........මන් කැමති ඔයා මගේ විතරක් වෙනවනම් "
ජන්කුක් ජිමින්ගේ අතක් සෙමෙන් අල්ලගත්තා.

ජිමින් තවමත් දෑස් ලොකු කරන් ඉන්නවා. ජන්කුක් හුස්මක් පහත දැමුවේ ජිමින් අකමැති ඇතැයි නිකමට හිතුන නිසයි.

එසැනින් ඒ අදහස වෙනස් වූයේ ජිමින් ජන්කුක්ව තදින් වැලදගෙන පපුව මත හිස තබාගත් නිසයි.

" අනිවාර්යයෙන්ම එහෙම වෙයි ජන්කුක් "
ජිමින් ඇස් පියාගෙනම කියලා ජන්කුක්ගේ පපුවේ සනීපෙට ගුලි වුනා.

ටිකවෙලාවකින් ජිමින් වගේම ජන්කුක්ද ගැස්සුනේ වාහනය විශාල වලකට වැටුනු නිසයි.

ජිමින් හිස ඔසවා වටපිට බැලිය. ජනේලයෙන් පිටත බැලු ජිමින් තැනින් තැන තිබෙන සුන්බුන් , දේහයන්ට අමතරව විශාල ලෙස කැඩුනු මාර්ගයද හොදින් පෙනෙයි

" පාර කැඩිලා වගේ හැම තැනින්ම "
පිටුපසට ඇහෙන්න රියදුරා කියයි.

" අපි පරිස්සමෙන් යන් "
තවකෙකු කියනු ඇසෙන කොට ජිමින් හිටියේ නැවත ජන්කුක්ට තුරුලුවෙමිනි.

" හැමදේම හරියයි "
ජන්කුක් ජිමින්ගේ තොල් පෙති සිනිදුවට සිපගත්තා.

" මන් නොමැරුනොත් අනිවාර්යයෙන්ම ඔයාගේ හාදුවට ඇබ්බැහි වෙනවා. ඒක ඒතරම් නියමයි "
ජිමින් හිනාවෙමින් කියයි.

වැඩිදුර යන්නට මත්තෙන් ඉදිරියෙන් වේගයෙන් ආ රථයක ගැටුනු ජන්කුක් සිටින වාහනය නතරවුනේ තවත් වාහනයක ගැටිමෙන් පසුයි.

ජන්කුක් හිටියේ ජිමින්ව තුරුලු කරගෙන ජිමින්ගේ උදරය පසාරු කරගෙන යකඩ තහඩුවක් ඇනී ඇත. වේදනාව අතරින් ජිමින් බැලුවේ ජන්කුක් දෙසයි.

ජන්කුක් ජිමින්ව වැළදගෙන ඉන්න විට කලින් වගේ ජන්කුක්ගේ හදවත ගැහෙන සද්දය නොඇසෙයි.

" ජන්.....කුක්...... "
ජිමින් අමාරුවෙන් ජන්කුක්ගේ පපුවට තට්ටු කරයි. ඔහුගේ කටහඩ බිදුනු ස්වභාවයක් ගනී.

"ජන්කුක්.......කතාකරන්න......ජන්කුක්......අනේහ්........ "
ජන්කුක්ගේන් කිසිදු හඩක් නැත. ජන්කුක් මේවනවිටත් මෙලොව හැරගිය ඇති බව තෙරුන ජිමින් ඔහේ ජන්කුක්ට තුරුලු වුනේ තමන්ගේ උදරයෙන් ගලන රුධිරය ගැන කිසිම තැකිමක් නැතිව.

" මාත් එන්නම් "
ජිමින් සෙමෙන් මිමිනුවා.

Dead

End

හී හී 😁

හී හී 😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕝𝕖𝕥'𝕤 𝕘𝕠 Where stories live. Discover now