▁▁▁▁▁▁▁▁▁▁
2️⃣1️⃣ වන දිගහැරුම ❃
▔▔▔▔▔▔▔▔▔▔අධික ඇල්කොහොල් නිසා ඔළුවේ බරගතිය යන්නත් එක්ක මහින්ස උදේම සීතල වතුරෙන් නාගත්තා..
කේශ්වරගේ පණටික වුන....
දැන් මහින්සගේ හුස්ටික වෙච්ච පොඩි එකා #කෙනුල් , නර්සරිට යන පලවෙනි දවස...
පසුගිය දවස් කීපයේ පොඩි එකා එක්ක නර්සරියේ පැය කීපයක් මහින්ස ගත කරේ කොල්ලව එතනට හුරුවෙන්නත් එක්ක.....
ඊටමත් එකපාරටම කොල්ලාව එහෙම දාලා එන්න මහින්සගේ හිත ඉඩ දුන්නේත් නැ...හරිනම් කේනුල් මේ වෙද්දි ඉන්න ඔනි පාසලේ පලවෙනි වසරේ,
නමුත් ... පහු ගිය කාලේ විටින් විට පොඩි එකා උන්නේ අසනීප වෙවී.......
එකක් පොඩි එකාගේ වර්ධනයේ අඩුපාඩුවක් වගේම කොල්ලා කතා කරන්න ගත්තේ වෙන ළමයින්ට වඩා ගොඩක් පහුවෙලා ..
කිසි දෙයක් නොතේරුනා වුනත් පොඩි එකා වටේ සිද්ද වෙච්ච දේවල් , වෙච්ච වෙනස් වීම් ඒ හිතට බර වෙන්න ඇති,
අවසානයේ වෛද්‍ය මතය වුනේ ඔහු යම් දුරකට සාමාන්‍ය තත්ත්වයට පත් වන තුරු විවේකිව තියන එක.....
මොකද හැමදේටම වඩා වටින්නේ ඒ ජිවිතය නිසා..කොල්ලාව ලැස්ති කරලා ඉන්දවපු මහින්ස ඉක්මනින් ලැස්ති වෙන්න ගත්තේ පරක්කු නොවි අද යන්න ඕනි නිසා..
අළු පැහැ දිගු කලිසමට තද නිල්පාට ශර්ට් එක මහින්සගේ කඩවසම් බව වැඩි කරලා.....
ඊයේ ගිහින් අඩු කරගෙන ආව කුරු කොන්ඩේ හෙයා ක්‍රීම් එකෙන් පිළිවෙලක් වුනා....
දුඹුරු පාට සපත්තු යුගලයට ගලපලා ඊයේ මේ බෙල්ට් එක අරන් දුන්නේ තුහින......
අතට ගත්තු බෙල්ට් එන ඉනට තද කරමින් මහින්ස නතර වුනේ කේශ්වරගේ සුවිසල් රුව ඉදිරිපිට ..
ඒ ඇස් මායිමේ..." තවමත් ඔයා නෑ කියලා හිතන්න මගේ හිත හයිය නෑ මගේ සර්..... ඒ තරම් මං ඔයාට ඇබ්බැහි වෙලා....
මං දන්නවා ඉන්න තැනක ඉදන් ඔයා මට බනිනවා ඇති කියලා .....මට තාමත් තේරෙන්නේ නෑ......ඔයා නැතුව මං ඉස්සරහට යන්න හිත හදාගන්නේ කොහොමද කියලා ... ?
ඒකට මට සමාවෙන්න මගේ සර්...
ඒත් මං ඔයාට පොරොන්නදු වෙනවා.... මං මෙතන නතර වුනත් , අපේ පොඩි එකාව....මට පුළුවන් උපරිමයෙන් ඉස්සරට ගෙනියනවා කියලා ........ "