Living For You [Oneshot]

99 28 28
                                    




EunMi's pov

University ඉවර වෙලා ඇවිත් මම මේ ඉක්මනට මගේ අර්ධකාලීන රැකියාව සදහා යෑමට ලෑස්ති වෙන ගමන් ඉන්නෙ... Wash දාලා ඇවිත් මගේ බූල් පිරිච්ච තැඹිලි පාට uniform එක ඇදගත්තා... වෙන අය නම් ඒක වැඩ කරන්න පටන් ගන්න තැනදි ඇදගන්නෙ... ඒත් ආයෙ එක ඇදුමක් ඇදන් යන්නයි තව ඇදුමක් අරන් යන්නයි දෙකක් කරන්න මට බෑ...

මම ඇදුම ඇදගෙන ඊලගට කලේ ඉක්මනට කෑම ටිකක් කටේ ඔබාගත්ත එක...

Aish... ඒ අස්සෙ මම දාපු taxi එකත් ඇවිත් ආගිය අතේ කෝල් එන්න ගත්තා...

මම ඉක්මනට මගෙ බෑග් එකයි phone එකයි අතට අරන් ගෙදරින් එලියට බැස්සා...

පොඩ්ඩක් ඉන්න...

ඕනම දේ අමතක උනා...

කෝ මගෙ ඔලුව?

ඔලුව අමතක කරලා වැඩට ගියොත් සිද්ද වෙනවා මට....

මම ආයෙම ඉක්මනට ගේ ඇතුලට ගිහින් මගෙ Garfield ඔලුව අරගෙන ආවා...

ඔව් ඔව්... මම වැඩ කරන වෙලාවට ඒ පූස් ඔලුව දාගන්න ඕනෙ... ඇත්තටම මට එයාලා ගෙවන්නෙ මම Garfield කිය පූසා වගේ ඇදගෙන එයාලගෙ කෑම promote කරන එකට...

මේ දවස් වල මම කෑම deliver වැඩ කරන restaurant එකෙන් එක එක විදිහෙ lasagna අදුන්වලා දෙනවා... ඉතින් මට extra ගානක් හම්බකරන්න විදිහක් සෙට් උනා...

Garfield වගේ ඇදගෙම Lasagna promote කර එකත් නරකම නෑ... කවුරුත් දන්නෙ නෑනෙ කවුද garfield ඇදුම ඇතුලෙ ඉන්නෙ කියලා...

කොහොම හරි මට අද promotions කරන්න තිබ්බ area එකෙන් මම බැහැලා leaflets ටිකත් අරගෙන හා හා පුරා කියලා දවසේ පලවෙනි ගෙදර බෙල් එක ගැහුවා...

මේ ලොකු ලොකු ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගෙ කන් ඇහෙන්නෙ නැද්ද අප්පා...

මම විනාඩි දෙක තුනක් ඉවසලා ආයෙම සැරයක් බෙල් එක ගැහුවා...

ඔන්න එතකොට ඒ ගෙදර rolling gate එක ටික ටික ඇරෙන්න ගත්තා...

මම ඒක සම්පුර්ණ ඇරිලා ඉවර වෙන්න කලින්ම මගේ කටහඩ පොඩ්ඩක් වෙනස් කරලා හැමදාම මම පාවිච්චි කරන මගේ promotion nonstop එක පටන් ගත්තා...

" ජීවිතේ එපා වෙලා වගේද? හැමදාම ගෙදර හදන කෑම එකම කද්දි එහෙම වෙනවා... ජීවිතේට අලුත් ආරම්භයක් දෙන්න... අදම JFC එකෙන් ඔබ කැමති flavor එකකින් lasagna එකක් order කරගන්න..."

Living For YouUnde poveștirile trăiesc. Descoperă acum