12 Ep 💮

964 258 38
                                    

Friends With BENEFITS


12 Ep


ෆැකල්ටි එකේ ෆයිනල් එක්සෑම් ඉවර වුනේ ඔය කාලය අතරතුර.. මේ කාලෙදි වෙනසක් නැතුව ටොෂියෝ මාත් එක්ක හිටියා.. කොච්චර අඩුපාඩු තිබ්බත් එයා ඒ දේවල් මතක් කරේ නෑ.. මං ජීවත් වුන විදිහට ජීවත් වෙන්න එයා පුරුදු වුනා..


මං හුගක් කාර්‍යබහුල වෙද්දි පේස්ට්‍රි ශොප් එකේ පාර්ට් ටයිම් එක අතාරින්න සිද්ධ වුනා.. මොකද මං ලෝ කොලේජ් එකේ එක්සෑම් එකට පාඩම් වැඩ කරන්න ඕනෙ.. ඒ වගේම මට සීනියර් ලෝයර් කෙනෙක් ගාව ට්‍රේනින් යන්නත් වුනා.. ඒ හැමදේම එක්ක නිදහස ලැබුනේ හවස් යාමෙ වෙද්දි ක්ලබ් එකේ ගිටාර් ගහන එක මං දිගටම කරගෙන ගියා...


" නියෝන්.. ඒක මං කරන්නද ?"


" කලින් පාර්ට් ටයිම් එක හරි ගියෙත් නෑනෙහ් පැටියා.. බොරු වැඩ නොකර ඉන්න... "


ටොෂියෝ මොකක්ද මන්දා අලුත් රස්සාවක් ගැන මට දැන් කියන්නෙ දවස් ගානක ඉදන්.. කලින්‍ට වඩා අතට සල්ලි ලැබෙන නිසාම මං එයා රස්තියාදු වෙනවට කැමති වුනේ නෑ.. මගෙ හිතේ එයාට ඇති ආදරයක් තිබ්බෙත් නෑ.. ඒත් එයා මගෙ සෙක්ස් පාට්නර් නිසාද මන්දා මං හරියට පරිස්සම් කරා...


අනික ටොෂියෝට තව කොල්ලෝ කැමති වෙයි.. එයාව රවට්ටයි.. එයාගෙන් ප්‍රයෝජන ගනී මට ඒ වගේ දේවල් නිතරම හිතෙන්න ගන්න නිසාම එයාගෙ පාර්ට් ටයිම් වැඩේට මගෙ ලොකු කැමැත්තක් තිබ්බෙ නෑ. මොකද කලින් රස්සාවක් හොයාගෙන තිබ්බට වැඩි දවසක් කරේ නෑ කස්ටර්මර් කෙනෙක් බැන්නා කියලා හොදටම අඩලා තිබ්බා..



" ඒත් මගෙ ෆයිනල් ඉවරයි නෙහ්.. නිකන් ඉන්න පුළුවන් ද?"


" එහෙනම් ස්ථිර තැනක ජොබ් එකක් හොයාගන්න ඔයාගෙ ෆීල්ඩ් එකෙන්.. පාර්ට් ටයිම් වල නැහෙන්න ඔයාට පුරුද්දක් නෑ පැටියා... "


අන්තිමට තර්ක කරලාම එයා හම්බුන පාර්ට් ටයිම් එක බලන්න ගියෙ මගෙ කිසි කැමැත්තක් නැති වෙද්දි.. මමත් ලොකුවට ප්‍රෙෂර් කරන්න ගියෙ නෑ සීනියර් ලෝයර් ගාව වැඩ කරන එක හැමදේටම වඩා ප්‍රෙෂර්.. මොකද සේරම වැඩ මට කියලා කරගන්නවා හුස්ම ගන්න බැරිවෙන්න..


Friends With  BENEFITS 🎲 Yizhan x Taekook ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang