chapter 03

319 79 45
                                    

" සීන් උඹ !! "

" ය්..යීබෝ .. "

මාව සීතල වෙලා ගියා ... අතට ගත්ත පිහිය එහෙම්ම ලෑලි ඇද උඩට වැටෙද්දි මං කදුලු පිරුනු ඇස් වලින් එයා දිහා බලන් හිටිය ...

එයා කෙලින්ම ගන් එක මගෙ දිහාට දික් කරන් ඉද්දි ඇදේ ගැටහල හිටපු මිනිහ දැගලුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා කෙලින්ම ගන් එක මගෙ දිහාට දික් කරන් ඉද්දි ඇදේ ගැටහල හිටපු මිනිහ දැගලුව .. උගෙ කට බැදල තිබ්බ පටිය නිසා ඒ මිනිහට කෑගහගන්න බැරි වෙද්දි මම ඌ දිහා බලල යීබෝ දිහා බලල හිනා උනා ...

ඇදේ ගැටහල හිටපු මිනිහ හිටියෙ පනකෙන්ද යන්න ඔන්න මෙන්න වෙද්දි උගේ ලේ මගෙ ඇගේ හැමතැනම තැවරිල තිබ්බ ... ලනු වලින් ගැටහල නිසාම අරූට දගලගන්න අමාරු වෙද්දි උගෙ පන ගියපු යටි කයෙන් සුලුදිය පහ වෙලා ගියා ...

" ඔව් .. මං තමයි .. මං තමයි ඒ මිනීමරුව යීබෝ .. මං තමයි උබවයි මුලු පොලිස් දෙපාර්තමේන්තුවම රවට්ටල ඒ ගේම ගහපු මිනීමරුව ! උබල අතරම ඉදල උන් හත් දෙනාම මැරුවෙ මං තමයි .. හහ්හහ්හහ් හාහාහාහා .... මම තමයි යකෝ මිනීමරුව !!! "

මම අවසිහියෙන් කෑගගහ හිනාවෙද්දි යීබෝ මං දිහාම බලන් හිටිය .. මම දන්නෑ ඒ ඇස් වල මොන වගේ හැගීමක් ලියවිල තියනවද කියන්න ... හැබැයි මම ඒ ගැන හිතන්න ගියෙ නෑ ..

" උබ දන්නවද යීබෝ ඇයි මම මෙහෙම කලේ කියල ම්ම්ම් .. ඇයි උබට පුදුම නැද්ද ? ඇයි ඔහොම බලන්නෙ යීබෝ .. උබ දැන් මාව පොලිසියට එක්ක යන්නනෙ බලන් ඉන්නෙ නේද ? කෝ උබේ ආදරේ .. මමයි මිනීමරුව කියල දැනගත්තම උබට මාව එපා උනාද... ? "

" සීන් .....

" එපා ! මුකුත් කියන්න එපා .. මම කියන දේ අහගෙන ඉන්න .. එක පාරක් මට ඇහුම්කම් දෙන්න යීබෝ .. ඊට පස්සෙ මං මගෙ කැමැත්තෙන්ම උබට භාර වෙන්නම් ... "

Am I Wrong ? ( Completed ) ✔️Where stories live. Discover now