විසිනව වන දිගහැරුම

3.1K 509 193
                                    


අවසන් දිගහැරුම ~~~~~~~~~~~~~~~~~







මහ කැලෑවම මීදුමකින් වැහිලා ගිහින්. අද කෙම්මුර අමාවකක්. අමාවක වුණත් හිවල්ලුන්ගෙ උඩු බිරිල්ල අඩුවක් නැතිවම ඇහෙද්දි හිතට බයක් දැනුනත් මේඝ මාත් එක්ක ඉන්නවා කියන විශ්වාසෙ එක්ක මන් නිධන් ගලට නැග්ගා.

ඇත් අඩි සලකුණ....ඒක හරියටම තිබුනෙ නුග ගහ පාමුල.
ඇත් අඩි , කකුල් අඩි, නාග රෑප, බහිරව රූප ගල්වල කොටලා තිබුනෙ නිධන් තියෙන තැන් අඳුන ගන්න. පැරැන්නොනම් කියන්නෙ ඒකට නිධන් වදුල කියලා.

මන් ලොකු ගලකට මුවා වෙන ගමන් මන්තර ජප කරන දිහා බලන් හිටියා.
ඉර බැහැලා හෝරාවක් ගෙවිලා තියෙද්දි උන් බහිරව පූජාව දෙන්න පටන් ගත්තා.
ඕනම නිධානයක් ගොඩ ගනිද්දි බහිරව පූජාවක් දීලා නිධානෙ ආරක්ෂා කරන බහිරවයව සතුටු කරලා තමා නිධනෙ අර ගන්නෙ.

මාව මෙහෙයුවෙ තනිකරම මේඝ වෙද්දි මන් හිතන්නෙ එයාගෙ අවධානෙ ගියේ ගහක් උඩ හිටපු බහිරවයට. ඒකා ගහේ කඳේ එල්ලිලා ඉදන් පහළ බහිරව පූජාව
දිහා බලන් ඉන්නවා.
ඒත් මේඝ ගත්ත ඉලක්කෙ වැරදුණේ මට පිටිපස්සෙන් ආව පිල්ලිය නිසා...ඒ මිනිය තවත් කුණු වෙලා ඇටකටු පවා පෑදිලා.
ගිලා බැහැපු ඇස් රතට රතු වෙද්දි කන් බීරි කරන සද්දෙකුත් එක්ක බඩගාගෙන වගේ ටිකෙන් ටික ළං වුණා.

මට ආපිට දුවන්න ඕනි වුණත් ඒදේ කරන්න බෑ...මේඝ කරන්නෙ මොකක්ද මගෙ අතින් වුණෙත් ඒ දේමයි. හුස්මක් පරතරේට වෙනකම් ළං වුණ පිල්ලිය කෑගහගෙන ඇගට පනිනවත් එක්ක මගෙ අතේ තිබුන කඩුවෙන් උගෙ බෙල්ල වෙන් වෙලා විසි වෙද්දි පණ තිබුණ ක්වන්දය මගෙ පස්සෙ පැන්නුවා.

ගල් උඩින් පැන්නද පියෑඹුවද මන්දා ඒ තරම් වේගෙන් මාව මෙහෙයවෙද්දි පිල්ලියෙ ඉතුරු බාගෙකුත් කඩුවෙන් දෙකඩ වුණේ බලන්න බැරි අප්‍රසන්න විදිහට. කැලේ පුරාම පැතිරිලා ගියා භයංකර අදෝනාව එක්ක කෑලි කැපිලා බිම වැටුණ මිනියෙන් කලු දුමාරයක් අහසට නගිද්දි නිදන් ගල මුදුනෙ ඉදන් රුද්‍රාක්ෂ කියන යක්ෂ අවතාරය මන් දිහා බලන් හිටියා.

" කාලමේඝ....උඹ මොකද හැංගිලා....."

" මම නෙමෙයි උඹයි මෙච්චර කල් හැංගුනේ....උඹයි එලිපිට එන්න බයේ හැංගිලා හිටියේ....."

කලු කුමාර ✔️Where stories live. Discover now