11

2K 321 28
                                    

Jungkook pov

ටේහ්යුන් කාමරෙන් ගිය ගමන්ම මන් පපුවටත් අත තියා ගත්තෙ අද ඒක වෙනදටත් වඩා වේගෙන් ගැහෙන්න ගත්ත නිසා. හැමදේම පටන් ගත්තෙ ටේහ්යුන් මගේ කොණ්ඩෙ පිහිදාන්න ගත්තු වෙලේ.

මන් එවෙලේ කණ්ණාඩියෙන් හොඳටම දැක්කා ටේහ්යුන් ඇස් දෙකත් වහන් මගේ කොණ්ඩෙ ඉබිනවා. ඒ වෙලාවෙ මුළු ඇග පුරාම සීතලක් උඩු දිව්වෙ මාව පිස්සු වට්ටලා. මේ මනුස්සයට පිස්සුද මන්දා. කරොත් කරන්නෙම විකාර.

මන් හෙට ස්කූල් හෝම් වරක්තුත් කරලා ටිකක් රෑ වුණාට පස්සෙ තමයි ටේහ්යුන්ගෙ අම්මා එවපු කෑම කෑවෙ. මට ගෙදර හදපු කෑම කන්න වෙන්නෙ කලාතුරකින් නිසා පොඩ්ඩක්වත් ඉතිරු නොකර සේරම කෑවෙ ආසාවෙන්.

ආපහු ටික වෙලාවක් පාඩම් වැඩ කරලා නිදා ගන්න ගියේ හෙට උදේම ස්කූල් යන්න ඕනි නිසා.


" ළමයි ඔයාලගෙ ෆයිනල් එක්සෑම් එක ළඟ එන නිසා ලබන සතියෙ ඔයාලට ප්‍රැක්ටිකල් සෙමිනා එකක් තියනවා. ඒක සෝල් නැෂනල් යුනිවසිටි එකේ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා ඇවිත් තමා කරන්නෙ.ඒ නිසා ලබන සතියෙ ඔයාලා එද්දි ෂින්වා හයි ස්කූල් එකට යන්න ලෑස්ති වෙලා එන්න. "

හේතුවක් දන්නෑ. අද ස්කූල් එක ඉවර වෙන්න කලින් සයන්ස් මැඩම් කිව්ව කතාව නිසා හිතට පොඩි සතුටක් දැනුණා. ඒ මට ටේහ්යුන් බලන්න පුළුවන් නිසාද... ආයිෂ් කොහෙවත් හිටිය මට වෙච්චි දෙයක්.

" අඩෝ ජන්ග්කුකා මොකත ඔය තනියම හිනා වෙන්නෙ. අපිට හොරෙන් කෙල්ලෙක්වත් සෙට් කර ගත්තද. "

යුන්ගි එහෙම අහද්දි මන් ඔළුව වැනුවෙ නෑ කියන්න.

" එහෙනම් මොකද බන් පිස්සෙක් වගේ හිනා වෙන්නෙ. "

" මුකුත් නෑ. යමන් බන් ගෙදර. "











ටේහ්යුන් අපේ ගෙදර ඇවිත් ගිහින් දැන් දවස් පහකට කිට්ටුයි. අද වෙනකන් එයා ගැන කිසිම තොරතුරක් නෑ. මන් හෙට වෙනකන් බලන් හිටියෙ හෙට ප්‍රැක්ටිකල් වලට ශින්වා එකට ගියාම කොහොමහරි ටේහ්යුන්ව බලා ගන්න පුළුවන් කියලා හිත හදාගෙන.





යොන්හා එකේ අපේ ළමයි ශින්වා හයි ස්කූල් එකට ආවෙ බස් එකකින්. කට්ටියම ගියේ අපේ සයන්ස් ටීචර් පස්සෙන්. ශින්වා එකේ ළමයිතුයි අපේ ස්කෝලෙ ළමයිතුයි ළමයි පස් දෙනා ගානෙ ග්රූප් වලට කැඩුවේ ප්‍රැක්ටිකල් කරන්න ලේසි වෙන්න.

𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| CompleteWhere stories live. Discover now