Chapter 1

210 62 47
                                    

"පුතා... අනේ  ඔයා ඔය යන ගමන් මට කතුරක් ගේන්නකො.."

ජංකුක් උදේම ඔෆිස් යන්න ලෑස්ති වෙලා ගෙදරින් එලියට බහින්න යද්දිම එක පාරටම ජංකුක්ගෙ ආදරනීය ඔම්මා ජංකුක්ට වැඩක් පැවරුවා.

" මොකක්.. මේ මං... ඇයි දෙයියනේ ගෙදර වෙන මිනිස්සු නැද්ද.."

ජංකුක් එහෙම ඇහුවෙ එයා සාමාන්‍යයෙන් එහෙම මග කඩවල් ගානෙ රස්තියාදු වෙන්නෙ නැති නිසා.

" අනේ පුතේ.. ඉතින් ඔයා ඔය එලියට යන්නනෙ යන්නෙ.. එද්දි බුක්ශොප් එක්කින් බැහැලා ගේන්නකෝ.."

"අනේ.. ඔම්මා.. මට බෑ.. වෙන කාවහරි යවන්නකො.."

" අයියෝ... පුතා.. අනේ ඉතින් ගේන්නකෝ.."

" හරි ඇයි දැන් එක පාරටම කතුරක් ඔයාට.. ගෙදර කතුරු හැටක් විතර තියනවා නේද. "

" උබ පන්ඩිත නොවී ගේනවකෝ.. ගෙදර කතුරු තිබ්බට ඒවාගෙන් රෙදි කැපෙන්නෙ නැ නේ.."

" හුම් හුම්.. මං ගේන්නම්කෝ.."

කියලා ජංකුක් ඔෆිස් එකට ගියා. ඔෆිස් එකේ පැය ගානක් වැඩ කරලා ජංකුක් 1.30 ට වගේ ගෙදර යන්න ආවා.. ඒ එද්දි මග තිබ්බ බුක්ශොප් එක්කින් කතුරක් ගන්න නතර කරා. කාර් එක බුක්ශොප් එක ඉස්සරහින් නතර කරලා එහා පැත්තෙ සීට් එකේ තිබ්බ වොලට් එකත් අරන් කාර් එකෙන් බැහැලා බුක්ශොප් එක ඇතුලට ගියා. ජංකුක් බුක්ශොප් එකට යද්දි බුක්ශොප් එකේ සෙනග හෝ ගාලා.. ඔක්කොම ඉහිටියෙ ස්කූල් ලමයි. සෙනග අතරින් පොර කකා ලමයි එක එක දේවල් එයාලට උවමනා දේවල් ඉල්ල ඉල්ල කෑ ගහනවා.

" අංකල්.. මට සිතියම් හයක් ඕනී.."

" මට ස්ටේපර් මැශින් එකක් ඕනී.."

" අංකල් මගෙන් එෆො කොල ටිකේ සල්ලි ගන්නකෝ.."

" අංකල්............ මටත් සි ආර් කොටුරූල් පොතකුයි නිල් පෑන් පහකුයි දෙන්නකෝ......"

ලමයි කෑ ගහන විදිහ බලන් ඉදලා ජංකුකත් ලමයි වගේම කෑ ගහලා...

" මට කතුරක් දෙන්නකෝ....."

කියලා කීවා. ලමා කටහඩකට වැඩිය ගැබුරු කටහඩක් ඇහෙද්දි බුක්ශොප් එකේ ලමයින්ට බඩු දිදී හිටපු මැදිවයසෙ අංකල් ඔලුව උස්සලා කටහඩ ඇහුන දිහාවට ඔලුව හැරෙව්වා. ජංකුක්ව දැක්ක ගමන් ඔක්කොම වැඩ නතර කරලා හිනා වෙලා ජංකුක් ඉන්න තැනට ආවා.

You've reached the end of published parts.

⏰ Last updated: May 01, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Crazy boy 💞Where stories live. Discover now