Someone's pov :
අද තමයි ඒ දවස. ඒ දුශ්ටයා මේ ලෝකේ කවදහරි ආයෙත් ඉපදෙනවා. එහෙම වුනොත් අපේ ජීවිත වලට වගේම එයාලගේ ජීවිත වලටත් ඒ ඒ ලෝක වලටත් ඒක භයානක වෙන්න පුළුවන්. ඒ නිසා එයාලා තීරණය කලා එයාලා වෙනුවෙනුත් අපි වෙනුවෙනුත් මේ වගකීම භාරගන්න. මොකද ඌ ආයේ ඉපදෙනවනම් ඉපදෙන්නේ මනුස්ස ලෝකේ. ඊට කලින් එයාලට සිද්ධ වුනා මනුස්ස ලෝකේ හැංගිලා ඉන්න තමන්ගේ අයවයි, මිනිස්සුන්වයි එකතු කරගන්න. මොකද ඌ ආයේ ඉපදුනෝත් ඌ උගේ සේවකයෝ විදිහට එකතු කරගන්නේ අහිංසක මිනිස් ජීවිත නිසා. ඉතින් අද ඉදන් එයාලගේ ජීවිතේ යම් තරමක් දුරට වෙනස් වෙයි.
At somewhere,
??? : උතුමාණෙනි! උත්තමාවියනි! කුමාරියනි! දොරටුව විවෘත වෙන්න ළඟයි.
King : මගේ ළමයිනේ! වෙලාව ඇවිල්ලා. මේක ලේසි වැඩක් නෙවෙයි. ඔයාලා ඔයාලාගේ ජීවිතේ අනතුරේ දාගෙන ඉවරයි දැන්. ඒ ලෝකෙට ගියාම පරිස්සම් වෙන්න මගේ පැටව්නේ. ඔයාලා ගොඩාක් ශක්තිමත්. අපි මේක කොහොමහරි ඉවරයක් කරමු. ඔයාලට ඕනිම වෙලාවක් අපි ඉන්නවා.
Queen : අනේ මගේ චූටි බබලා ටික! පරිස්සම් වෙන්න එහෙදි. ඒ ලෝකේ අපේ ලෝකෙට වඩා හාත්පසින්ම වෙනස්. ඒ ලෝකේ කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා. මිනිස්සු කියන්නේ වෙනස්ම කට්ටියක්! ඒ වගේම ඔයාලා දන්නවානේ, Coven-Based, Solitary, Crystal මායාකාර පවුල්වල කුමාරියොත් කුමාරවරුත් මේකට එනවා කියලා. මන් ඔයාලට එයාලා ගැන කිව්ව දේවලුත් මතක් කරගෙන එයාලා එක්ක වැඩ කරන්න. හරිද? එයාලා එක්ක රණ්ඩුවට යන්න එපා, සමගියෙන් වැඩ කරන්න. මීට කලින් කවදාවත් දැකලා නැති වුනත් ඔයාලා දන්නවනේ Coven-based රාජ කුමාරවරු තමයි ඔයාලාගේ අනාගත භාරකාරයෝ කියලා. ඒ නිසා අනිත් අයගේ ජීවිත ගැන වගේම ඔයාලා ගැනත් හිතලා වැඩ කරන්න මගේ පැටව්නේ!
ВЫ ЧИТАЕТЕ
Witches of the Cold Night ✔️
Фэнтезиමායා ලෝකයට අඳුරු මතකයක් වූ ඔහුගේ පුනරුප්පත්තිය..අනාවැකියේ උරුමක්කරුවන්ගේ ආගමනය..නොසිතූ මොහොතක ශක්තිමත් වන ඔහුව ආදුනික මායාකරුවන් කෙසේ පරදාවිද? මේ, මායාවරුන්ගේ රාත්රියේ ආරම්භයයි..✨ Published date:- 2023/05/21 Completed date :- 2024/05/21 Cover by @S...