#2. New life

92 21 115
                                    

Continuing someone's pov :

At Somewhere,

??? : අජුම්මාආආ! ඔන්න මන් ඇඩ් එක පත්තරේට දැම්මා. බලන්නකෝ අද හවස වෙද්දි මේ ගෙදර හවුස් ෆුල් වෙනෝ. මේ සේහා ගේමකට බැස්සොත් ඉතින් ඔයා දන්නවානේ!

Old Lady : අම්මෝ ඇති ඇති මගේ මූනේ කෙල ගෑවා. කෝ බහින්න මගේ කොන්දෙන්! මේ නාකි මගේ ඇඟ උඩ නේද ඔය යසට නැඟ ගෙන ඉන්නේ? යාන්තම් යෝගා ටිකක් කරලා මේන් ටේන් කරගෙන ඉන්නේ හැට පැන්න ගමන් සික්ස්ටි ප්ලස් යන්න.

Seha : අනේ අනේ මගේ නාකි කෙල්ල! කොන්ඩේ සුදු වෙලා තිබ්බත් තාම ඔය නාකි විසේ නම් අඩු වුනේ නෑ නේද? ඔය මොන ප්ලස් එකට ගියත් වැඩක් නෑ අජුම්මා, මන් ළමයෙක් හදන්න කලින් මට අජෝස්සි කෙනෙක්ව ගෙනත් ඕනි එච්චරයි!

Old Lady : සේහා! ඔයා හදන්නේ දවල්ට බත් කන්න කලින්ම මගෙන් කන්න හොදේ? මන් කියලා තියෙනවනේ ඔය විරුද්ධ පක්ෂේ ගැන මාත් එක්ක කතා කරන්න එපා කියලා.

Seha : හරි හරි වදේ! දැන් ඔයා මට භාර දුන්න ඔක්කොම වැඩ ටික මන් කරා හොදේ? ඇඩ් එක පත්තරේට දැම්මා, ඇදපු පෝස්ටර්ස් ටික හම්බෙන හම්බෙන හැම ලයිට් කණුවක් ගානෙම ඇලෙව්වා, පෝස්ට් එක වෙබ්සයිට් එකේ පබ්ලිශ් කරා. හරිනේ? ඔබට සතුටුයිද දැන්? දැන් මේ අහිංසක මගෙන් වැඩ ගත්තට ඔබතුමිය මොනද මට දෙන්නේ?

Witches of the Cold Night ✔️Where stories live. Discover now