#3. Who are they?

60 22 129
                                    

Continuing someone's pov :

අජුම්මා අහපු ප්‍රශ්නෙට මැද්දෙන් පැනලා උත්තරේ දුන්නේ කවුද කියලා එතන හිටිය හැමෝම ඒ ආපු කෙනා දිහා පුදුමෙන් බලද්දි අජුම්මා නම් ඒ කෙනා දිහා බැලුවේ තමන්ට ළඟම කෙනෙක් දිහා බලන බැල්මකින්.

Old Lady : යාආ මින්ජියා! කොයි වෙලේද ආවේ ? ආවානම් ඕපදූප හොයන්නැතුව ගිහින් වොෂ් එකක් දාලා නිදා ගන්නවා. මන් කෑම හදලා තියෙන්නේ. ඊයේ ඉදන් නිදාගෙන නෑ නේද?

Minji : හරි හරි අජූ. ඒක නෙවෙයි මෙයාලා කවුද? අලුත් කට්ටියක්ද?

Old Lady : හ්ම්ම්..මෙයාලත් අද ඉදන් මෙහෙ ඉන්නේ. ඒක නෙවෙයි මොකෝ වුනේ ඊයේ ගිය වැඩේට?

Minji : මිෂන් කම්ප්ලීටඩ් මෑම්. එහෙනම් අලුත් කට්ටිය මන් කවුද කියලා අජුම්මාගෙන් අහගන්න. අනිත් එක මෙහෙ ඉන්නවනම් ඉතින් අජුම්මා කියන විදිහටම ඉන්න ලෑස්ති වෙලා ඉන්න. එහෙනම් මන් ගියා.

මින්ජි කියලා කියන්නෙ සේහා වගේම ඒ කාලේ ඉදලා ඔය විලා එකේ හිටපු කෙනෙක්. මන් කලින් කිව්වේ මේ විලා එකේ තවත් කෙනෙක් ඉන්නවා සේහට අමතරව කියලා, ඒ තමයි ඔය මින්ජි කියන්නේ. වයසින් නම් සේහාගේ වයසටම සමානයි. මින්ජි කියන්නේ අනිත් අයට වඩා ටිකක් වෙනස් චරිතයක්. එයා හැමවෙලේම ඉන්නේ අනිත් අයව ගණන් ගන්නැති ගානට. හරියටම බැලුවොත් එයා ඉන්නේ හැමවෙලේම සීරයස් මූඩ් එකකින්. සේහා නම් කියන්නේ මින්ජි ඉපදුනේ මහණ වෙන්නමයි කියලා. එයා ඒ තරමට සන්සුන් ගොඩාක් වෙලාවට. හැබැයි ඉතින් ආතල් ගන්න හිතුනාම එයාගේ සීමාවෙන් පිට යන්නේ නැතුව ඉන්නත් එයා වග බලා ගන්නවා. මින්ජිට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. දෙන්නම හිතාගෙන ඉන්නේ එයාලා තමයි ශර්ලොක් හෝම්ස් කියලා. මොකද දෙන්නම වැඩ කරන්නේ පොලීසියේ. පොලිසියේ කියලා ඉතින් මෙයාලා උදේම නැගිටලා යුනිෆෝර්ම් ඇඳගෙන පොලීසියට යන්නේ නෑ. මොකද එයාලා පොලීසියේ බුද්ධි අංශයේ ඉහළම නිළධාරිවරු. ඉතින් අවශ්‍යම වැඩක් තිබුනොත් තමයි එයාලා යන්නේ. ඊයේ ගියෙත් එයාලටම ගිහින් කරන්න මිශන් එකක් තිබ්බ නිසා. විලා එකට අලුතින් ආපු අයටත් කතා කරගෙනම එයා ගියේ ඊයේ ඉදන් හරියට නින්දක් නැති නිසා පොඩ්ඩක් විවේක ගන්න කියලා. මින්ජි කිව්වත් වගේම අජුම්මා අර ආපු ගෑනු ළමයි තුන්දෙනාට එයා කවුද කියලා කිව්වා.

Witches of the Cold Night ✔️Where stories live. Discover now