⚜️ Chapter 09 ⚜️

796 112 61
                                    

🎶
සුසුමක්ව ළඟ ඉන්න....
නෙතු ගාව ඉපිලෙන්න.....
හැමදාම මගෙ ලෝකයේ.....
හුරතල් වී මා ලගම.....
තුරුලේම පවසන්න.....
මන් ඔබට හරි ආදරෙයි.....😘
🎶
(hirushi001)



"හෙලෝ චූටි. වරෙන්කො ඉක්මනට colombo. මන් උබට location share කරන්නම්. කොල්ලො හදිස්සී බන්. මට පිස්සු වගේ."

"හරි ලොකූ මන් එන්නන් මට පැයක් දියන්. High way දාලා එන්නන්."

මන් ගෙදර යනගමන් මගදි අයියගෙන් කෝල් එකක් ආවේ ඉක්මනට colombo එන්න කියලා.

ලොකූ හරියට මහන්සි වෙනවා මේ වැඩ එක්ක. අයියා කියපු ගමන් මන් ගෙදර යන්නෙ නැතුව car එක හරවගත්තෙ colombo යන්න.

පැයකින් වගේ ලොකූ කිව්ව තැනට යනකොට ඒක hotel එකක්.

"මන් ආවා ලොකූ."

"20 floor එකට වරෙන්. 153 room එක. මන් reception එකට කිව්වා"

"හරි කොල්ලෝ"

මන් එහෙමම අයියා කිව්ව room එකට ගිහින් දොරට තට්ටු කරනකොට අයියාගෙ secretary නිමේශ් ඇවිත් දොර ඇරියා.

ඇතුලට යනකොට අයියා file ගොඩකට ඔලුව ඔබාගෙන ඉදලා මන් ආවට පස්සෙ ඔලුව ඉස්සුවා.

"ලොකූ මොකද්ද අව්ල."

"මන් උබට කියලා උදේ අර ටික හදාගෙන ආවාට contract එක sign කරන company එකකෙන් දීපු එක file එකක් miss වෙලා බන් මට. තව පැයකින් එනවා උන්. ඊට කලින් මේක කරගන්න ඕනෙ. උබනෙ උදේ මේ ටික හැදුවෙ. ඒක නිසා උබම ඕනෙ බන්. අනික දැන් නිමේශ් යන්න ඕනේ තව වැඩකට"

"මන් බැලුව ඒත් ගෑනි ඕනෙ වෙලා වගේ මට රූම් එකකට කතා කලේ මොකටද කියලා"

මන් එහෙම කියනකොට අයියා වැඩේ නවත්තලා මන් දිහා බැලුවා. නිමේශුත් ලාවට හිනා උනා.

"නිමේශ් ඉක්මනට යන්න දැන් කොල්ලො. මට feedback  එකක් හවසට දෙන්න වැඩේ කරලා."

"හරි සර්"

එහෙම කියාගෙන නිමේශ් රූම් එකෙන් එලියට ගියේ දොරත් ලොක් කරගෙනම.

"උබ හිතුවද මම කොල්ලො ගහනවා කියලා. කොල්ලො ගැහුවත් තෝ වගේ නහරකාරයෙක්නන් එපා. උබ හිතුවද මම අර උබේ හා පැටියා කියලා. "

⚜️ හදවතක උරුමය ⚜️(Complete)Waar verhalen tot leven komen. Ontdek het nu