Chapter 21 🏷️

10 1 0
                                    

🎀 My Evil Handsome 🎀

Chapter 21🏷️

ආරා උදේ නැඟිටිද්දි ටේ එයාවත් බදාගෙනම තාම නිදි..ආරා ටේගේ මූණ දිහා බලාගෙන සිනිඳුවට ඒ කම්මුලක් අත ගෑවේ ලෝභකමෙන්...

ටේව ඇහැරෙන්නැති වෙන්න හිමීට අත අයින් කරලා ආරා ගියේ ටේට ඔෆිස් ගෙනියන්න කෑම එක ලෑස්ති කරන්න....

ටේ එලාම් එක වැදෙනකොට ඇහැරිලා බලද්දි ආරා ඇඳේ නෑ...ටේට එතකොටම මතක් වුණේ ඊයේ රෑ ආරා එක්ක එයා තරහ අරන් ආරාට බැන්නා කියලා...ටේට ඒකට සෑහෙන්න upset ගියා....

එහෙම්ම පෝන් එක අරන් එයාගේ Assistant Mr.Leeට කෝල් එකක් දාලා කිව්වේ අද ටේ ඔෆිස් එන්නෑ..වැඩ ටික බලන්න කියලා....ටේට ඕනේ වුණේ කලින් දවසේ බැන්න නිසා ආරා එක්ක ටිකක් කාලේ ගත කරන්න....

ටේ හිමීට පඩිපෙළ බැහැලා කුස්සිය පැත්තට ආවේ ආරා කෑම හදන සුවඳ මුළු ගේ පුරාම දැනුණ නිසා.....ටේ කුස්සියට ආවත් ආරා දැක්කේ නැති නිසා ටේ හිමින් හිමින් ආරාගේ පිටිපස්සෙන් ගිහින් ආරාගේ බඳ වටේ අත් දෙක දාලා බදාගෙන උරහිසට නිකට තියන් ඇස් දෙක පියාගත්තා....

එකපාරට බඳ වටේ අත් දෙකක් යද්දි ආරා ගැස්සිලා ගියා...මොකද ටේ ඇවිල්ලා හග් කරනකම්ම ආරා ටේ ආවා කියලා දැක්කේ නැති නිසා....

Tae : Good morning මැණික..😴♥️

ඇස් දෙකත් පියාගෙනම හුරතල් විදිහට ටේ ඒක කියද්දි ආරාට ලාවට හිනාවක් ආවා...

Ara : Good morning මගේ නපුරු කුමාරයා...මොකද මේ ආ..?? හුරතල් වෙන්නේ...😄 කෝ ඉන්නකෝ ඔප්පා උයලා ඉවර වෙනකම්...ඔයාට පරක්කුත් වෙනවා නේ ඔප්පා....😊

Tae : ටිකක් මෙහෙම ඉන්න දෙන්න මැණික...🥺

ටිකක් හීනි හඬකින් එහෙම කියද්දි ආරා ටේට එහෙමම ඉන්න ඇරියා....ආරාට තේරුණා ටේ ඉන්නේ අවුලෙන් කියලා...

Ara : ඔප්පා...

Tae : ම්ම්ම්....

Ara : මොකෝ මේ අවුලෙන් ම්ම්...??🙂

Tae : මියන්හේ ආරා...😞

Ara : ඔප්පා..???🥺

Tae : මම ඔයාට....ඊයේ රෑ බැන්න එකට සමාවෙන්න ආරා...😞

Ara : ඒක දැන් අමතක කරන්න ඔප්පා...මට ඒකේ අවුලක් නෑ...😊

 🎀 My Evil Handsome 🎀Where stories live. Discover now