#4. Another one

60 18 77
                                    

Continuing someone's pov :

අලුතෙන් ආපු ගෑණු ළමයි ටිකව සේහාට බාර දීලා අජුම්මා ගියේ ගේට්ටුව වහලා දාන්න කියලා හිතාගෙන. ඒත් අජුම්මාට ඒ වැඩේ කරගන්න වුනේ නැත්තේ ඒ වෙනකොටත් ගේට්ටුව ගාව තවත් ගෑණු ළමයෙක් හිටපු නිසා. ඒ නිසා තමයි අජුම්මා ඇහුවේ එයාත් ආවේ අර පත්තරේ ඇඩ් එකටමද කියලා. හැබැයි එයා නම් කිව්වේ එයා ආවේ පත්තරේ ඇඩ් එකකට නෙවෙයි කියලා.

??? : ම්ම්.. මේ විලා එකේ බෝර්ඩ් වෙන්න කට්ටියක් හොයනවා කියලා ඉන්ටනෙට් එකේ දාලා තිබ්බා. මන් ආවේ ඒකටයි අජුම්මා.

Old Lady : ආහ්! පත්තරේ දාලා තිබ්බෙත් ඔය ඇඩ් එකම තමයි දුව. එන්න ඇතුළට මම තමයි මේ විලා එකේ අයිතිකාරයා.

ඒ ආපු ඇවිත් තියෙන්නෙත් පත්තරේ ඇඩ් එකටම තමයි. හැබැයි වැඩේ කියන්නේ එයා කියන විදිහට එයා වැඩිය පත්තර කියවන කෙනෙක් නෙවෙයි. ඒ නිසා එයා ඒ ඇඩ් එක දැකලා තියෙන්නේ සෝශල් මීඩියා වලින්. මොකද ඉතින් සේහා පත්තරේට විතරක් නෙවෙයි නේ ඒ ඇඩ් එක දැම්මේ. ඉතින් දෙන්නත් එක්ක ඇතුළට ගිහින් ආයෙත් සුපුරුදු කතාවට බැස්ස එක තමා වුනේ.

Old Lady : ඔයා එන්න ටිකකට කලින් තවත් ගෑණු ළමයි ටිකක් ආවා. එයාලටත් මෙහෙ ඉන්න ඕනි විදිහ කියලා දීලා ගේට්ටුව වහලා දාන්න යනකොට තමයි මන් ඔයාව දැක්කේ. ඉතින් කියමු බලන්න දුවගේ නම?

Girl : මම වොන්ජු. වයස 21යි. ඉපදුනේ Busan වල. degree එකක් complete කරන ගමන් Magic Island එකේ පාර්ට් ටයිම් වැඩ කරනවා.

Old Lady : ඔහ්! හොදයි නේ? හරි මෙහෙ ඉන්නවානම් පිලිපදින්න නීති කිහිපයක් තියෙනවා. ලොකූ දේවල් නෙවෙයි. පොඩි පොඩි ඒවා.

Witches of the Cold Night ✔️Where stories live. Discover now