3 chapter

863 157 12
                                    

""" හේලේ...අම්මා... ""

""චුටි... මොකද ඔයාට දැන් මේ අම්මව අමතක වෙලාද පුතේ... ??""

එයා තමයි මගෙ අම්මා.. සැපට දුකට හැමදේකටම වෙනසක් නොකර මගෙ ලගින් ඉන්න එකම කෙනා.. එතකොට තාත්තා ..ම්ම්ම්..අපි එ ගැන කතා නොකර ඉමු... එයා හැගීම් වලට ගරු කරන්න දන්නේ නැති පාරම්පරික ගති තියන අමුතු කෙනෙක් කියලා මන් දැනගෙන ගොඩාක් කල්..මන් මෙහෙම තනියම ඉන්න එයත් එක හේතුවක් කියලා මන් දන්නවා...

"" ඔයාව අමතක නැ මැනික.... මොකද උදේම මාව මතක් උනේ...??""

හිතේ කොච්චර ප්‍රශ්න තිබුනත් අම්මගෙ එක වචනෙකට පුලුවන් එ හැමදෙයක්ම මොහොතකට හරි හිතෙන් අයින්කරලා දාන්න.. එ තරම්ම ඒ ආදරේ හරි උතුම්....

"" ඔයා හොදින්ද චුටි...මන් ඊයේ මහා නරක හීනයක් දැක්කා.. පරිස්සමෙන් ඉන්න පුතේ අපිට ඉන්නේ මගෙ පුතා විතරයි ... ""

"" මන් හොදින් අම්මා.. ඒක හීනයක් විතරයිනේ දැන් ඒක අමතක කරලා දාන්න... මොකද වෙන්නේ ගෙවල් පැත්තේ..කොහෙද තාත්තා...??""

"" එයා ඔන්න වත්ත පහලට ගියා.. ඔයා ඉතින් දන්නවනේ එයාගේ වැඩෙ  දවසෙම ඔය වත්තේ උඩට පහලට යන එක කියලා..""

"' හ්ම්ම් ඒක නම් ඇත්ත ... ඔයා එන්නේ නැද්ද මාව බලන්න.."""

"" අනේ...හරි ශෝක්ක්ක්... පුතාලා නෙවෙයිද අම්මලා බලන්න එන්න ඕනි ම්ම්...??""

අම්මා කියද්දි මට හිනත් එක්ක.. එයා කිව්වේ ඇත්ත තමයි එත් ඉතින් ඔෆිස් එකෙ නිවාඩු ගන්නවා කියන්නේ ඉතින් දවල් හීන දකිනවා වගෙ වැඩක් තමයි ...

"" අනේ අම්මා..මට නිවාඩු නැහැනේ ...""

"" මන් දන්නවා මැනික... ඔයාගේ බර්ත්ඩේ එක ලගයි නේද ඒකටම එන්නම්කෝ හොදද...??'

එයා කියද්දි තමයි මටත් මතක් උනෙ.. ලබන සතියේ මගෙ උපන්දිනේ ... තියන ප්‍රශ්න වල හැටියට ඉතින් ඒවා කොහේ මතක තියෙන්නද අම්මා කියලා මට කියන්න ඕනි උනත් මන් නොකියා හිටියා...

"" හරි අම්මා මන් බලන් ඉන්නවා.. පරිස්සමෙන් ඉන්න හොදද..මන් රැ වෙලා කොල් එකක් ගන්නම් ඔයාට...""

"' අනෙ අම්මේ ඉතින් ඔයා ඔය ගන්න කෝල් ගැන මන් දන්නේ නැද්ද .... ඕවා ඉතින් කවදාවත් ගැනෙන කෝල් නෙවෙයිනේ ... ""

ආයේමත් ආදරෙන්.. ( Complete )Where stories live. Discover now