#5. First Meet

78 17 104
                                    

Continuing someone's pov :
Next day Morning...🌄

ඊයේ රෑ කට්ටිය කෑම කන්න යනකොට තමයි දන්නේ එහෙට තවත් අලුත් සාමාජිකාවක් ඇවිත් කියලා. ඔව් ඒ එයාලාගේ කණ්ඩායමේ අඩුවෙන් හිටපු කෙනාම තමයි. හැබැයි ඉතින් ඒක අජුම්මා දන්නේ නෑනේ. ඒ නිසා එයාලට සිද්ධ වුනා අජුම්මා ඉස්සරහ අදුරන්නේ නෑ වගේ හැසිරෙන්න. කිව්වත් වගේම ඒ ආපු කෙනා chef කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක්. එයාගේ නම තමයි යුකී. වයස 22 ක් වෙච්ච යුකීත් තාම college යනවා. ඉතින් කට්ටිය යුකීව අදුරගෙන රෑට කෑමත් කාලා නිදාගන්න ගියේ අද උදෙන්ම නැගිටලා තම තමන්ගේ රාජකාරිවල පළවෙනි step එක තියන්න ඕනි නිසා. කිව්වත් වගේම මෙයාලාගේ පළවෙනි රාජකාරිය වුනේ එයාලාගේ මේට්ස්ලව හොයාගන්න එක. ඉතින් කට්ටියම අද උදෙන්ම නැගිට්ටේ ඔන්න ඕක නිසා තමයි. මින්ජියි සේහායි එයාලාගේ partners ලව හොයාගෙන තිබුනේ එයාලා ගොඩාක් කාලෙක ඉදන් මනුස්ස ලෝකේ ජීවත් වුන නිසා. මොකද එයාලා රජ පවුල්වලට අයිති අය නෙවෙයි. එයාලාව මනුස්ස ලෝකෙට එව්වේ මනුස්ස ලෝකේ ආරක්ෂාව වගේම පාලනය එයාලාගේ අතට දීලා. කට්ටිය නොදන්නවා වුනාට එයාලා මෙච්චර කාලයක් ඒක අකුරටම කරා. ඒ වගේම තමන්ට මනුස්ස ලෝකේ විදිහට හැඩගැහෙන්න වුන නිසා තමයි මින්ජියි එයාගේ පාර්ට්නයි පොලීසියට බැදුනේ. ඒත් සේහාටයි එයාගේ පාර්ට්නටයි සිද්ධ වුනේ තමන්ට පවරපු රාජකාරිය විතරක්ම කරන්න. ඒකයි සේහා කාටවත් එයා වැඩ කරන තැන කියලා නැත්තේ.

ඉතින් උදේම නැගිටලා කෑමත් කාලා කට්ටියම තම තමන්ගේ කාමරවලට ගියේ ලෑස්ති වෙන්න කියලා. මින්ජි ලෑස්ති වෙන අතරේ සේහාට කෝල් එකක් ආවේ එයාගේ පාර්ට්නගෙන්. තමන්ට වඩා කොච්චර බලවත් වුනත් හීසන්ග් නැත්නම් සේහාගේ අරයා සේහට බයයි. කෝල් එකේදී හීසන්ග් නොදැනුවත්වම සේහාව කේන්ති ගස්සපු නිසා සේහා ටිකක් හයියෙන් කෑ ගහලා phone එක තිබ්බේ හැමදාම මේ දෙන්නාගේ ආදරේ ඉවර වෙන්නේ ඔහෙම නිසා. සේහාගේ කෑගිහල්ල කොච්චරද කියනවානම් කාටවත් බය නැති මින්ජිත් වෙනදටත් වඩා ඉක්මනට ලෑස්ති වෙලා ආවේ හැමදාම වගේ සේහාව කූල් ඩවුන් කරන්න ඕනි එයා නිසා. හැම උදේම සේහා ඔය වගේ බෙරිහන් දෙන නිසා අජුම්මාටත් ඕක ගානක් නැති වුනාට එයත් ඉතින් හැමදාම වගේ අදත් සැටලයිට් එකත් අරන් ආවේ පොඩි ඕපදූපයක් දැනගන්න.

Witches of the Cold Night ✔️Where stories live. Discover now