20.

247 52 5
                                    

" ටේ... මොකද මනුස්සයෝ මේ ගාඩ් කෙනෙක් වගේ මගේ කාමරේ ඉස්සරහා හිටගෙන ඉන්නේ... " ජන්කුක් ටේහ්‍යෝන් දිහා බලලා ඇහුවා.

" මට පේන විදියට නම් මට ආරක්ෂාවක් දාන්න වෙයි වගේ කොහොමත්... "

" කාටද... " ජන්කුක් ඇහුවේ නොදැනෙන ගානට.

" ඒවා වැඩක් නෑ... අර යුන්ගි හියුන්ව මගේ කාමරේට එව්වේ මොන යකාද කියනවා... "

" මන් ඕවා දන්නේ නැතෝ... " ජන්කුක් එහෙම කියාගෙන කිචන් එක පැත්තට යන්න ගියා.

' උබ මොකාටද එන්නේ කියලා මන් බලන්නම්කෝ ජන්කුක්කෝ... '

flash back...

ජිමින්ට කතා කර කර එයාලගේ කාමරේට ආව ටේහ්‍යෝන් දැක්කේ කවුද එයාගේ ඇද උඩට වෙලා නිදාගෙන ඉන්නවා. ටේහ්‍යෝන් හිතුවේ ඒ ජිමින් කියලා. මොකද ජිමින් ගෙනාව බැග්ස් ඒවත් බිම තිබ්බ නිසා. ඉතින් ටේහ්‍යෝන් එයාගේ බැග්ස් ඒව ටිකත් ජිමින්ගේ ඇද උඩටම ඇතෑරලම ටිකක් ආයේම ඇදලා ඇදලා බැලුවා. පස්සේ ටේහ්‍යෝන් එයාගේ ඇද ලගට ගියා.

" ජිමිනී ඔච්චර මහන්සිද නිදාගන්නේ ආහ්... "

ඒත් කිසිම සද්දයක් නැති නිසා ටේහ්‍යෝන් ඇද උඩට නැගලා මූණට එබුණාම තමයි හිටියේ කවුද කියලා දැක්කේ.

" යාඅහ්... යුන්ගි හියුන්... මොන මගුලක් කරනවද මේ මගේ කාමරේට වෙලා.... " ටේහ්‍යෝන් කෑ ගැහුවා.

" ටේ ... මහන්සියි යකෝ.... මට නිදාගන්න දීපන්කෝ... " යුන්ගි එහෙම කියලා ආයේම නිදාගන්නයි හැදුවේ.

" නිදාගන්න... ඉන්නවා නිදි කරවන්න කම්මැලි පූසව...නැගිටිනවා... මින් යුන්ගීඊඊඊඊඊ... "

" යාආඅහ් ටේ... " කෑ ගහගෙනම නැගිට්ට යුන්ගි ඇදේ තිබ්බ කොට්ටෙකිනුත් ටේහ්‍යෝන්ට ගහලා එහෙම්ම ටේහ්‍යෝන්වත් එහාට තල්ලු කරගෙන දොරත් ඇරන් එලියට ගියා. අතේ තියාගෙන හිටිය කොට්ටෙත් අරගෙන යුන්ගිට ගහන්න එද්දි තමා පෙන්න ඕන නැති දෙයක් ටේහ්‍යෝන්ගේ ඇහැට අහුවුනේ.

' ජිමිනී... අනික ජන්කුකාගේ රූම් එකේ ඉදලා... ඒකත් හිනාවෙවී...  ටික දවසක ඉදලා මුන් දෙන්නගේ මොකක් හරි අමුත්තක් තියෙනවා... හරි පුතා හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිටලුනේ... මාත් බලන් ඉන්නම්කෝ... '

◉𝚈𝙾𝚄 𝙶𝙾𝚃 𝙼𝙴◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Donde viven las historias. Descúbrelo ahora