#6. It's not easy

50 17 92
                                    

Continuing someone's pov :

හසුකි කියන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ වැඩ මොනදේ වුනත් අනිත් අයට කරදරයක් වෙන්නේ නැතුව තනියම කරගන්න කැමති කෙනෙක්. ඒක එයාගේ ප්‍රතිපත්තියක් කිව්වොත් මන් හරි. ඒත් මේ වෙලාවේ හැටියට හසුකිට ඒ ප්‍රතිපත්ති ඔක්කොම බල්ලට දාන්න වුනේ මේ වෙලාව කියන එක හැදුව එකාගේ අම්මගේ නෑදෑ හත්මුතු පරම්පරාවම ආදරයෙන් මතක් කරගෙනමයි. කෙටියෙන්ම කිව්වොත් හසුකි හෝෂි කිව්ව දේට කැමති වුනා. තවත් කෙටීම කරලා කිව්වොත් සාරාංශයක් විදිහට හසුකි හෝෂිත් එක්ක පැනලා ගියා... අපෝ නෑ නෑ කාර් එකේ නැඟලා ගියා.

මේ අතරේ මේ දෙන්නව මෙහෙම සෙට් කරන්න දගලපු හීසන්ග්, සේහා කපල් එකටයි මින්ග්‍යු, මින්ජි කපල් එකටයි වැඩේ ඉවර වෙනවත් එක්කම ටිකක් විතර අමාරු වුනා. මොකද ඇත්තටම ඒ වෙලාවේ හසුකිගේ වගේම හෝෂිගේ මනස පාලනය කරේ මේ කට්ටිය. නැත්තන් හරියටම තම තමන්ගේ මේට්ව අදුර ගන්න එයාලට බෑනේ. මොකද එයාලාගේ හරිම මේට්ලා ගැන දන්නේ හීසන්ග් විතරයි. එතකොට හීසන්ග්ට පැවරුණ රාජකාරිය තමයි තමන්ගේ එකම සහෝදරයා වුන මින්ග්‍යුත් එක්ක එකතු වෙලා මේ කුමාර කුමාරිකාවොන්ට තමන්ගේ මේට්ව මුණගස්වන එක. ඒත් එයාලට ඒක තනියම කරන්න බැරි වුනේ එයාලාගේ බලය සම්පූර්ණ නැති නිසා. හරියටම කිව්වොත් එයාලාගේ සම්පූර්ණ බලෙන් හරි අඩක් තියෙන්නේ එයාලාගේ මේට්ලා ගාව ඒ කියන්නේ සේහයි මින්ජියි ගාව. ඉතින් හීසන්ග්ලාට සේහාලව හම්බෙලා එයාලා දෙගොල්ලෝ එකතු වුනොත් තමයි ඒ බලේ සම්පූර්ණයෙන්ම හීසන්ග්ලාට හම්බ වෙන්නේ. දැනුත් වෙලා තියෙන්නේ ඕකම තමයි. ඒ කියන්නේ මේ කරපු වීර ක්‍රියාවට හීසන්ග් තමන්ගේ මුළු ශක්තියම යොදවලා තිබුණ නිසා ඒක ඉවර වුනත් එක්කම හීසන්ග්ව පණ නැතුව කෙලින්ම වැටුනේ සේහාගේ ඔඩොක්කුවට. වෙච්ච දේත් එක්ක සේහයි මින්මින් කපල් එකයි හොදටම බය වුනා. ඒත් හීසන්ග් කරේ ලැබුන චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගත්ත එක. එයා ඒ වෙලාවේ සේහාගේ අත අරගෙන එයාගේ ඔළුව උඩින් තියා ගත්තේ සේහාට එයාගේ ඔළුව ටිකක් අත ගාන්න කියන ගමන්.

Mingyu : ඕයි! උබට ගොඩාක් අමාරුද?

ඔව් ඒ තමයි එයාලාගේ සහෝදර ප්‍රේමය.

Witches of the Cold Night ✔️Where stories live. Discover now