#7. Wrong one

49 16 92
                                    

Continuing someone's pov :

හෝෂිගේ ප්‍රශ්න කන්දරාවටම බොහොම අමාරුවෙන් උත්තර දීපූ හසුකිට කොහොම හරි වැඩ පටන් ගන්න ටයිම් එකට තත්පර අරික්කාලක් තියෙද්දි ඇතුළට පැන ගන්න පුළුවන් වුනා. හෝෂිත් කවදාවත් නැතුව අමුතුම හිනාවක් දාගෙන කාර් එක පාකින් එක වටේම වටයක් ගහලා මේන් රෝඩ් එකට දැම්මේ එයත් දැන් වැඩට යන්න තියෙන වෙලාව ළඟ නිසා.

මේ අතරේ අර ගෑනු ළමයි ටික ඉන්න විලා එකනම් සම්පූර්ණයෙන් අවුල් ජාලාවක් වෙලා තිබුණේ. මොකද ඉතින් හසුකි පරක්කුයි පරක්කුයි කිය කිය දිව්වට අනිත් නැන්දම්මලා එකෙක්ටවත් එහෙම හදිස්සියක් ඒ වෙලාවේ තිබුනේ නෑනේ. ඔන්න දැන් තමයි ඒ සැට් එක කූඹි ගුල වගේ ඇවිස්සිලා තියෙන්නේ. වැඩට යන සැට් එකයි යුනිවර්සිටි යන සැට් එකෙයි ග්‍රහයෝ මාරු වෙලා ඔය දගලන්නේ අද එයාලා හැම කෙනෙක්ගෙම තමන්ගේ ගමනට යන පළවෙනි දවස නිසා. ඕවා ඉතින් අර අහිංසක අජුම්මට තේරෙන්නේ නැති වුනාට එයත් හරි බරි ගැහිලා එහෙට මෙහෙට දුවන්න පටන් ගත්තේ තමන්ගේ වයසත් අමතක කරලා.

Dayun : යුනීයෝ! මොනාද බන් ඔච්චර වෙලා කරන්නේ තෝ ඕකේ දිය වෙයි. බල්ලෝ වරෙන්කෝ මටත් ලෑස්ති වෙන්න තියෙනවා.

Minah : ඕයි පොඩි එකී වරෙන් බන් දැන් ඇති ඔය මට සූ බරයි යකූ!!

Aro : අඩෝ ගොඩක් අමාරුයි නම් මන් බාල්දියක්වත් අරන් එන්නද?

Yoon : හපූ හරි හරි හිටාල්ලා පොඩ්ඩක් ඔහොම! මන් නාලා ඉවරයි. අඩෝ කෝ මගේ ටවල් එක නෑනේ? අනේ දායු මැණිකේ ටවල් එක අරන් දීපන්කෝ! මගෙ ෂුඩු මැණික නේ!

Dayun : ඇයි බම් උබ හැමදාම රෙද්ද ඇද උඩ තියලා ඕක අස්සට රිංගන්නේ? උබට තරම් අසහනේ ?

Witches of the Cold Night ✔️Where stories live. Discover now