2️⃣2️⃣වන දිගහැරුම ❃

451 40 9
                                    

#මහින්ස

" කවදා ඉදන්ද වැඩට එන්න කිවේ ? "

තුහින අහන්නේ කොල්ලගේ මුහුණ⁣ට මදක් නැඹුරු වෙලා

" අයියා කොහොමද ඒක හරියටම කිව්වේ  ? "

පැනයට පිලිතුරක් නොදිම මහින්ස ආයිම තුහිනගෙන් ඇහුවා,
මොකද ඉන්ටවිව් ඉවරවෙලා ආවත් තාම ඒ ගැන කියන්න මහින්සට වෙලාවක් හම්බ වු⁣නේ නැ...

" ඔය මුණේම ඒක ලියවිලා තියනවා බං "


" මාව එච්චර ඕපන්ද  ? "


" ම්.........
එහෙමම නැහැ, හැබැයි මෙච්චර කාලයක් උඹේ ළඟ හිටිය මට ඒවා හංගන්න බැ "


" හෙට ඉදලාම වැඩට යන්න පුළුවන් වෙයි "



" පොඩි එකා ? "



" ඩේ-කෙයා එක කතා කරලා තියෙන්නේ අයියා "



" උ|ඹ|ට කමක් නැද්ද මල්ලි ? "


" දුකයි වුනත් මං ඒකට ලැස්ති අයියේ .....
එයාට මේ දේවල් හුරු කරන්න ඕනි ,
දවසක ඔයා මම අපි කවුරු නැති වුනත් තනියම දරාගෙන ජිවත් වෙන්න පුළුවන් තරමට එයාව ශක්තිමත් කරන්නයි මට ඕනි.
මොකද මං දන්න කේශ්වර එහෙම කෙනෙක් .....
එයාගේ ලේ|ත් එහෙම වෙන්න ඕනි "

" මොනවද බං මේ කියන්නේ ??? "

ඉදින් මහින්සගේ මුනිවත ඉදිරියේ තව දුරටත් තුහින ඒගැන විමසන්න හැකියවක් නැත....
ඕ ද නිහඬ වුයේ ඒ නිසාවෙනි.

" බී ස්ට්‍රෝන්ග් කොල්ලෝ ......
ම්ම්,
මං එහෙනම් යන්නද බං, රෙදි ගොඩකුත් තියේ හොදන්න "

" හරි අය්යා......"

" මං ගිහින් කෝල් බැක් කරන්නම්,
පිස්සෙක් වගේ ගිය පයින් ආපිට මට එන්න සලස්සන්නේ නැතුව ෆෝන් එක ගනි/න්  හරිද "


" හරි හරි ආයිම එහෙම වෙන්නේ නෑ......."

තුහින අයියා කියන්නේ ඔහොම දවසක   එයා මහ පාන්දර අපිව හොයාගෙන ආපු එක ගැන .......
මේ රටේ දන්න අදුරන කෙනෙක්ට අපි දෙන්නට ඉන්නේ අපි දෙන්න විතරක් වෙද්දී එයා කලබල වෙන එක සාධාරණයි .

පොඩි එකාවත් ළඟ තියාගෙන මං යන්තමට ඇස් පියාගත්තේ මොකක්ද රිදුමක් ඇස් වලින් දැනුන නිසා .....
තප්පරක් .... දෙකක් යන්න ඇති,
එක දිගට ඩෝ බෙල් එක වදින්න ගත්තා .....

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now