Chapter 02 ☃️❣️

126 29 1
                                    


°Yonsei high school principal 's office°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

°Yonsei high school principal 's office°

 
⛄ Taehyung POV

" මිස්ටර් කන්ග් මේ  cctv records වල  පැහැදිලිවම පේනව  මේ ජනෙල් වීදුරු බිදෙන්නෙ  එකපාරටම කියල ,ඒකට මේ ලමයගෙ කිසිම සම්බන්ධයක් නෑ .  පොඩ්ඩක් මම කියන දේ තේරුම් ගන්න "

ප්‍රින්සිපල් සර් දැන් හතරවෙනි පාරටත් මිස්ටර් කන්ග්ට තේරුම් කරන්න උත්සහ කරන්නේ ජනෙල් වීදුරු බිදිලා සූබින්ගෙ මූණ කැපුන එකට මගෙ සම්බන්ධයක් නෑ කියල පැහැදිලි කරන්න. මොකද මිස්ටර් කන්ග්ට ඕනි  මාව ස්කෝලෙන්  suspend කරන්න .ඉතින් ප්‍රින්සිපල් සර්  cctv records  ත් ගෙනල්ලා මේක මිස්ටර් කන්ග්ට තේරුම් කරන්න හැදුවත් මිස්ටර් කන්ග් තීරණය වෙනස් කරන්නෙම නෑ

" විදුහල්පතිතුමා "

එකපාරටම  office room එකට ආවෙ මැදිවියේ කෙනෙක් ,මට හිතෙන්නෙ මෙයාට තමයි ප්‍රින්සිපල් සර් ඊයේ කැඩුණු ජනෙල් ටික check කරන්න බාර දුන්නෙ

" අහ් මින්කුක් ඔයා අර බිදුනු ජනේල් ටික  check  කරාද ?"

" ඔව් විදුහල්පතිතුමා , ඒ ජනෙල් වීදුරු ගොඩක් බාල වර්ගයේ ඒවා,  තද අව් රශ්මිය හින්ද ඒව උනු වෙලා , ඒක නිසා තමයි ඒව එකපාරටම පුපුරලා තියෙන්නේ

ඒව මාරු කලොත් හොඳයි සර් ඉක්මනින්ම "

" අ-අහ් ම්ම් හරි මට තේරුනා ඔයාට දැන් යන්න පුළුවන් "

"හරි සර් "

ප්‍රින්සිපල් සර්ටනම් ඒ කෙනා කිව්ව දේ විශ්වාස කරන්න බැරි උනා , ප්‍රින්සිපල් සර්ට විතරක් නෙවෙයි මටත් ඒ කියපු කතාව නම් විශ්වාස කරන්න බැරි උනා
බාල ජනෙල් වීදුරු ??

කවුද ඉතින් ක්ලාස් රූම්වලට බාල වර්ගයේ ජනෙල් වීදුරු දාන්නෙ , ඒක වෙන්න බෑනෙ

★↬𝕿𝖍𝖊 ʜɪᴅᴅᴇ𝖓↬★Where stories live. Discover now