🍀Study table🍀

439 97 19
                                    


අපි කතා කරමු කොහොමද පාඩම් කරන තැන හදාගන්නේ කියලා .

අනිවාර්යයෙන්ම ඔයාලා පාඩම් කරද්දි පුටුවක වාඩි වෙලා පාඩම් කරන්න. ඇඳේ ඉඳන් නම් ජීවිතේට පාඩම් කරන්න තියා හිතන්නවත් එපා. මොකද දන්නවද පස්සේ exam එකකට ගියාම ඔයාට උත්තර මතක් කරගන්නත් ඇඳක් ඕනේ වෙයි.

ගොඩක් අය පාඩම් කරන්නේ මේසෙකට වාඩි වෙලා වෙන්න ඇති නේ. අපි බලමු කොහොමද එතන හදාගන්නේ කියලා

 අපි බලමු කොහොමද එතන හදාගන්නේ කියලා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


ඔය තියෙන්නේ මගේ පොඩි පාඩම් මේසේ. මම ඉතින් මේ පොත ලියන්නේ මගේම අත්දැකීම් වලින් නේ. ඉතින් ගූගල් එකේ ෆොටොස් දානවට වඩා මගේම මේසේ දාන එක හොඳයි කියලා හිතුනා.

ඔයාලගේ මේසේ හොඳට එලිය වැටෙන තැනක තියෙනවා නම් හොඳයි

අපේ මනස වගේම ඇඟත් fresh එකේ තියෙනවා නම් , පාඩම් කරද්දි
මතක තියෙන ප්‍රමාණය වැඩි වෙනවා

• මේස රෙද්ද

වෙන පාටවලට වඩා පාඩම් කරන තැනකට කහ, සුදු හොඳයි කියලා මම අහලා තියෙනවා

අත්‍යාවශ්‍යම දේවල් විතරක් මේසේ උඩ තියාගන්න

ඔයාලට පේනවා ඇති මගේ මේසේ මල් පෝච්චි වගේ දේවල් නැහැ . මට අනුව නම් ඒවා බොරු දේවල් . ඒත් ඔයාලට ආසාවෙන් පාඩම් කරන්න මේසේ ලස්සනට තියෙන්න ඕනේ නම් එහෙම තියාගත්තට කමක් නැහැ.

දැන් ඔයාලා බලනවා ඇති මගේ මේසේ multiplug එකකුයි රවුටර් එකකුයි මොකද කරන්නේ කියලා නේ.. ඒ දෙක තියෙන්නේ මට ඔන්ලයින් ක්ලාස් යන්න සහ මම ඉස්සරහට පැහැදිලි කරන්නම් මම කොහොමද පාඩම් කරන්නේ කියලා .. මම පාඩම් කරද්දි මට ටැබ් එක ඕනේ ටයිමර් එක තියාගන්න. ඉතින් චාජර් එක තියෙන්නේ ටැබ් එක චාජ් කරන්න

Love For Process Onde histórias criam vida. Descubra agora