01.

102 14 19
                                    


දැන් වෙලාව උදෑසන හය පසුවී විනාඩි තිහයි.මේ අපේ අප්පච්චි පත්තරේ විස්තරේ බලන වේලාවයි.

හැබැයි ඉතිම් මේ කතාව අප්පච්ච ගැන නෙමෙයි අප්පච්චිගේ  ආදරණීය දුව ගැන හොදේ.

අප්පච්චිගේ ලොකු දුවට දැන් 19ක්.19ක් වෙලත් ප්‍රථම ‍ප්‍රේමයක් වත් නොතිබූ ළඳක්.
25 පැනපු අක්කලානම් කියන්නෙ ඕක මොකක්ද තව කල් තියනව කියල. හැබැයි ඉතිම් අද කාලේ හත වසරේ නංගිලාට exලත්
ඉන්න එකේ අපිට මේව දරන්න පුලුවන්ද බෑනේ..........



දැන් ඉතිම් සමහරැ හිතනවා ඇති ඔච්චර තදියම  තිබිලත් කොල්ලෙක් නැත්තෙ මේකි ඇති අපායට ගහපු කැලැන්ඩරේ වගේ කියල.
හිතනවලකො ඔහොම කොටනවා සනික හරිද? "මන් මලක් වගේ හරිද.... "

ප්‍රථම ප්‍රේමය වැම්පයර් අයියන්ඩියකකට පුදන්න මන් හිතාගෙන ඉන්නෙ ,
මොකද අපේ අප්පච්චිගෙන් එල්ල වෙන්න නියමිත නියමිත තාඩන පීඩන උහුලන්න මනුස්සයෙකුට පුලුවන් වෙයි කියල හිතන්න අමාරුයි.. .

මට තට්ටක් උඩ නැගල රවුම්ගහන්නත් පුලුවන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට තට්ටක් උඩ නැගල රවුම්
ගහන්නත් පුලුවන්.එතකොට ප්‍රවාහන වියදමට තිත තියන්න පුලුවන්නේ.දැන් බස් වියදම් හරි සැරයි නේ.

අපේ  බාත්රෑම් එකේ ඉන්නව
වවුල් අයියෙක් එයා රෑට යනවා ආයේ
උදේ පාන්දර බලනකොට ඉන්නවා.
මන් හිතන විදියට නම් එයා වැම්පයර්
කෙනෙක්ම තමා.මොකද පොරගේ ඇස් රතුයි. අනාගත බෝයිපෙන් ගෙදරමද මන්දා ඉන්නෙත්.


හතයි තිහට තියන literature class එක පටන් ගන්න පැය භාගෙයකට
කලින්  අවශ්‍යතා සේරම කරගෙන මන් ලැප් එකත් ඔන් කරන් ලෑස්ති වෙන්නෙ බරපතල රාජකාරියට මුල පුරන්න.

මන් දැන් ලැහැස්ති වෙන්න හැත්තෑ හතර වෙන වතාවටත් how to find a vampire boyfriend කියල ගූගල් කරන්න. මොනා කරන්නද  එකම තමා තියෙන්නෙ හැම මගුලෙම වගේ.

වැම්පයර් අයියන්ඩියක සොයා 🧛‍♂️Where stories live. Discover now