🦋. හීන දකින දෙවැන්නා?40

431 118 35
                                    

ජීසු ජිමින් එක්ක වාහනේ ඇතුලේ ඉතිරි වෙද්දී, සෝහී ව වාහනෙන් බස්ස ගත්ත ටේහ්යුන් කෙලවරට වෙන්න තිබුන ටේබල් එකක් ලගින් වාඩි වුනේ සෝහීත් එක්කමයි.....

"මොකක්ද ප්‍රශ්නේ ලව්?"

සෝහීගේ නිකටට අත තියලා මූන තමන් දිහාවට හරවගන්න ගමන් ටේහ්යුන් ඇහුවා... සෝහී හිනා වෙලා ඔලුව දෙපැත්තට වැනුවා.... ඒ හිනාවටම එකතු වුන ටේහ්යුන් සෝහී ගේ නලල ට නලල හේත්තු කරගත්තා....

"ඔයා වදවෙන්නේ සිද්ධ වුන දේවල් ගැන නම්, ඒ ගැන වදවෙන එක නවත්තන්න ලව්, ..."

ටේහ්යුන් සිහින් ගැඹුරු හඩින් කිව්වා....සෝහී ක්ෂනිකව ඇස් උස්සලා ටේහ්යුන් දිහා බැලුවා......

"මං දන්නවා හාජින් එක්ක ලගින්ම හිටපු කෙනෙක් විදියට ඔයාට දුක ඇති සෝහී, මටත් දුකයි...ඒත් සිද්ධ වුන දේවල් සිද්ධ වෙලා ඉවරයි... සිද්ධි එකින් එක ගලප ගලප ඔලුව අවුල් කරගන්න එක නවත්තන්න තේරුනාද?ම්?"

සෝහීගේ කම්මුලට අතක් තියලා නලලට හාදුවක් දෙන ගමන් ටේහ්යුන් කිව්වා.....සෝහී හුස්මක් පහල දාලා ඔලුව වැනුවා.... සෝහී ට හිතුනා සොෆී ගැන ටේහ්යුන් එක්ක කියන්න....ඒත් උදේ වරුවේ සුමීගේ ප්‍රතිචාරේ එක්ක සෝහීට හිතුනා ටේහ්යුන් ගේ ප්‍රතිචාරේ ඊට වෙනස් වෙන එකක් නෑ කියලා...

තවත් ටික වෙලාවකින් අඩන්න ඔන්න මෙන්න මූනක් හදාගෙන ඉන්න ජන්කුක් එක්ක සුමීත් කැෆේ එකට ආවා.... මෙච්චර වෙලා අතුරුදහන් වෙලා හිටපු ජීසු ජිමින් දෙන්නත් ඒත් එක්කම ඇවිත් වාඩි වුනා... ..

"ඉතින්!! මොනවද කන්නේ කට්ටිය?"

ටේහ්යුන් වටපිට බලන ගමන් ඇහුවා...

"මෙතන ගොඩක් කෑම වර්ග නෑ... ස්පයිසි නූඩ්ල් එකක් එක්ක සෝජු විතරයි තියෙන්නේ!!"

සෝහී හිනාවෙලා කිව්වා.... ටේහ්යුන් තොල් උල් කරගත්තා... සෝහී උරහිස් අකුලලා හිනා වුනා...

"ක්‍රවුන් ප්‍රින්ස්ගේ සුට්ටං බන්ඩිය ඌවා වෙයිද දන්නේ නෑ ඒවා කාලා...!"

ජන්කුක් කට දෙපැත්තට ඇදලා කිව්වා.....ටේහ්යුන් හිනා වෙවීම ටේබල් එක උඩ තිබුන බ්ලෝසම් කොලේකින් ජන්කුක් ට ගහද්දී අනිත් අයත් සද්දෙන් හිනා වුනා.....

🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed)Where stories live. Discover now