අද සදුදා

මම අකමැතිම දවස
සැක්...
එපා වෙනවා...
මොකද අද දවසම ලෙක්චර්ස්.
උදේ ඇහැරෙද්දි මට අද දවස මතක් වෙලා ජීවිතෙත් එක්ක එපා වුනා. උදෙන්ම එක දිගට පැය 4ක් ලෙක්චර්ස්.ඊට පස්සේ හවස පහ වෙනකන් එකදිගට ලෙක්චර්ස්. මගේ වෙලාව නරක වුනොත් සබ්ජෙක්ට් දෙකක තුනක කැට් (ක්ලාස් රූම් ටෙස්ට්) තියෙන්නත් පුලුවන්.

මං නහයෙන් අඩ අඩාම ලෑස්ති වුනේ හසිනි මං එනකන් ලෑස්ති වෙලා බලන් ඉන්න නිසා.  හසිනි මට කටින් නොබැන්නත් හිතින් බනිනවා ඇති. මොකද හැමදාම මං නිසා එයාටත් පරක්කු වෙනවානේ. ඊට පස්සේ පරක්කු වෙලා ගිහින් ඉස්සරහම පේලියේ වාඩි වෙන්න වෙන්නේ. මොකද එකෙක්වත් ඉස්සරහ පේලියේ ඉන්නේ නෑ ඔක්කොම ඇදෙන්නේ පිටිපස්සට. ඒ නිසා හිස් තියෙන්නේ ඉස්සරහ පේලි වල විතරයි.

අපි දෙන්නා කඩාගෙන බිදගෙන දුවගෙන යද්දී library එක ලගදි මගේ කකුල් නිකන්ම නැවතුනේ මගේ library boy ඇවිල්ලද කියලා දැනගන්න.

"වරෙන් බං යන්න....උඹ මොකද පස්ස ගහන්නේ..මට හොරා ආපහු යන්නද හදන්නේ හොස්ටල්...මෙහෙ වරෙන්න්න්න්"

මාවත් ඇදගෙන හසිනි දුවද්දී මං කකුල් පැටලෙමින් ඒ පස්සේ ඇදිලා ගියේ උදේ කාපු කෑම කකුල් දෙකට පල්ලම් බහිද්දී.

කොහොමෙන් කොහොමහරි දවස ගෙවා ගත්තේ හරි අමාරුවෙන්. මට අර මූණ මැවිලා පේනවා. ඒ රැවුල. ඒ ඇස්. මං ආසම ඒ ඇස් වලට. මැඩම් presentation එක play කරලා ලෙක්චර් එක කරගෙන යද්දිත් මට මැවිලා පෙනුනේ ඒ මූණ. අයියෝ..... මට හිනාත් යනවා.

හවස ලෙක්චර්ස් ඉවර වෙලා එද්දී මං හසිනි දිහා බැලුවේ අද library යන්නේ නැද්ද අහන්න. මං බලද්දිම හසිනි මාවත් ඇදගෙන shortcut  පැන්නේ library එක ලගින් නොගිහින්.

"මේ මට library යන්නත් ඕනි බං."

මම හසිනිගෙන් මගේ අත ආපහු අදිමින් කිව්වා.

"අනේ මේ....දැන් මොන library ද බං. යමු යන්න මට බඩගිනි. යන ගමන් රෑට කන්න කඩෙන් ගෙනියමු."

මම හසිනි දිහා රවලා වගේ බලලා එයාගේ අතින්ම අල්ලගෙන පාර පැන්නේ එදා මගේ දෙපා පාමුලින්ම ඇදිලා ගිය බස් එක මතකෙට නැගෙද්දී.

Library BoyWhere stories live. Discover now