🌈Chapter - 04✒️

299 51 19
                                    

වෙලාව පාන්දර 2 යි. හවස කියවන්න ගත්තු ජිමින් ගෙ නවල් එක කියවල ඉවර කරපු ජියෝන් ගෙ හිත නතර උනේ කතාවෙ අවසානෙට සටහන් කරල තිබුනු ඒ වදන් පෙලට. බූසාන් ගිහින් ආව දවසෙ ඉදං ජියෝන් ගෙ හිතේ කැකෑරෙමින් තිබුනු ප්‍රශ්නෙ ට උත්තරය ලැබුන බව ජියෝන්ට දැනුනා.

"යාහ්... ඔහේ නම් මායාකාරයෙක් ම තමා ජිමින් පාර්ක්. ඇයි මේ නම අනික් පැත්තට ලියල? නම්ජුනා දන්නව ඇති සමහර විට "

පොතෙහි කවරය අගට වෙන්න ලියා ඇති ජිමින් ගේ නම මත මහපට ඇගිල්ල මෘදුව ගෙන යමින් ජියෝන් මිමිනුවා.

පසු දා උදෑසන ම ජියෝන් සූදානම් උනේ නැවතත් බූසාන් වෙත යාමට යි. Project එකේ වැඩ හෙට පටං ගන්න නිසා ජියෝන් එහෙ ඉන්නවනම් හොද බව තමා හැමෝගෙම යෝජනාව උනෙ. මාස ගනනාවක් දිවෙන ව්‍යාපෘතිය හරියට ම කරන්න ජියෝන් ට ලොකු උවමනාවක් තිබුනෙ ලාභ ලැබීමට ත් වඩා ඉන් තම පියාව අභිභවා යාමට හැකි බව ඔහුගෙ මතය වූ නිසා. දැන් නම් එයට තවත් හේතුවක් තියෙනවා. ම්ම්ම්.. ඔව් ජියෝන් ගෙ හිත කලින් පාර ගියපු වෙලේ දාලා ඇවිත්.🤭

හනාට ඇමතුමක් ගෙන සූදානම් කල යුතු දෑ ගැන කතා කරමින් උන් ජියෝන් ට ඇහුනේ කාමරය දෙසට වේගයෙන් ඇවිදන් එන අඩි සද්දයක් විතර යි. කව්ද කියල හිතන්නටත් පෙර ජියෝන් ගෙ පියා ජියෝන්ගෙ කාමරය ඉදිරිපිට පෙනී හිටියා.

"ජන්කුක් !"

"ඔයා මොකද මගෙ ගෙදර කරන්නෙ?"

"කාගෙන් අහලද ප්‍රොජෙක්ට් එක මිස්ටර් පාර්ක් ට මං දෙන්න එපා කියද්දි ත් දුන්නෙ.?"

"මං සැරයක් කිව්ව ඩැඩා. මං කරන්නෙ මට ඕනි දෙ. අනික දැන් මේක මගෙ බිස්නස් එක. නැති ව ඔයාගෙ නෙවෙ."

" එහෙම යි කියල ඔයාට බෑ මං අකමැති දේවල් කරන්න "

"අනේ ඩැඩා .... ප්ලීස් . උදේ පාන්දර මගේ මූඩ් අව්ල් කරන්නෙ නැති ව මෙතනින් යනව ද!"

"ජන්කුක් .... උබ මං කියන දේ අහනව ද නැද්ද?"

"කවදාවත් නොකෙරෙන දේවල් ගැන හීන දකින්න එපා ඩැඩා."

තවත් තම පියා සමග ගැටීම ට අකමැති වූ ජියෝන් තමා සූදානම් කළ ඇදුම් බෑගය ද රැගෙන කාමරයෙන් පිට උනා.

Love & Dream [Jikook] (completed)Where stories live. Discover now