🌈Chapter - 30✒️ (End)

424 45 27
                                    

"වාහ් මේ ගෙදර ඔයා තනියම ද කුකී හිටියෙ"

"ම්ම්ම්.. ඔව්ව්..."

"මට නම් මේ වගේ ගේක තනියම ඉන්නවා කියන එක හිතාගන්නවත් බෑ"

"දැන් ඉතින් මට තනියක් නෑ නේ. බබා මාත් එක්ක ඉන්නවා නේ."

ජිමින් ගේ කම්මුලට නාසයෙන් කිති කවමින් ජියෝන් පවසද්දී ඉවතට පැන්න ජිමින් තම බඩු බාහිරාදියත් රැගෙන කාමරය සොයන්න ට විය.

"Room එක පෙන්නන්නකෝ... මට වොශ් දාන්න ඕනි හරිම මහන්සි "

"ම්ම්... එන්න මං එක්කන් යන්නම්.."

ජියෝන් ජිමින් වත් කැටුව කාමරය දෙසට පියමනින්නට විය.

"බබා වොශ් දාං එන්න මං කන්න මොනා හරි හදන්නම්.."

"පුලුවන් ද කුකී ඔයාට...?"

"මොකෝ මට බැරි.. ඔයා ගිහින් එන්නකො."

"ම්ම්... හරි"

ජිමින් බෑගයෙන් ඉවතට ගත් තුවායත් පටලන් නානකාමරයට යද්දී ජියෝන් උඩු කයෙහි රැදි කමිසය ඉවත් කර මුලුතැන් ගෙට ගියේ සේරා ආන්ටි නැති අඩු ව ගැන හිතමින්.

ඇය සිටියා නම් කීමටත් පෙර සියල්ල සූදානම් කොට මේසය මත තබනු ඇත.

කෙසේ හෝ ඇය නැවත පැමිණෙන තුරු ඇයගෙ රාජ කාරිය අද ජියෝන් මත පැට වී ඇත . ජින් හියොන්ග් කෑම පිසීමට දක්ශයෙකු වුවත් ඔහුගේ මල්ලි වූ ජිමින් කෑම සම්බන්ධයෙන් දක්ශයෙකු නොවේ.. නමුත් ජියෝන් එසේ නොවෙ. ඔහු ට සෑම දෙයක් ගැන ම යම් හෝ අවබෝධයක් තිබීම ගැන් සතුටු විය හැක.

ජියෝන් ගේ නිවසෙ මුලුතැන් ගෙය තිබුනේ ආලින්දයට යාබදවයි. ආලින්දයේ සිට රූපවාහිනිය නරඹන්නෙකුට මුලුතැන් ගෙයි කෑම පිසින්නා හොදින් පෙනේ.

නාන කාමරයෙන් පිටතට ආ ජිමින් ටවලය පිටින් ම විත් රූප වාහිනිය ඉදිරිපිට වාඩි වන්නට විය.

රූපවාහිනිය ක්‍රියාත්මක කර චැනල් කීපයක් එහෙ මෙහෙ කරන වග ජියෝන් ට ඇසුණි.

ජියෝන් ඇහුම් කන් දුන්නේ ඊළගට ඔහුට ඇසුනු ප්‍රවෘත්තිය නිසයි.

""පාර්ක් සමූහ ව්‍යාපාර අධිපති පාර්ක් මහතා තම බිරිද වන කිම් ලූනා මහත්මියගේ මරණයට වැරදි කරු බව ඔප්පු වීම නිසා අද පෙරවරුවේ අත්තඩංගුවට ගැනිනි. ඇයගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට සමාජය නොමග යවමින් කල අපරාදයට හා මිනීමැරුම් චෝදනාව මත ඔහුව ජීවතාන්තය තෙක් රක්ශිත බන්ධනාගාර ගත් කිරීමට නියම කෙරිණි.""

Love & Dream [Jikook] (completed)Where stories live. Discover now