Chapter 09

2.1K 334 27
                                    

"අම්මේ.."

"අම්මේ.."

"අනේ මගෙ අම්මේ නැගිටින්නකෝ..ඇස් අරින්නකො මගෙ රත්තරන් අම්මේ..."

මගෙ පස්සෙන්ම සුනීතා නැන්දත් ගෙට ඇවිත් තියෙනකොට මම ඇඳ ළඟ වැටිලා අම්මට කතා කරේ කෑ ගගහ අඬන ගමන්.

"අම්මේ ඔයත් මාව දාලා යන්න..ද හදන්නෙ දෙයියනේ. ඔයත් ගියාම මට කවුද ඉන්නෙ මගෙ අම්මේ... නැගිටින්න..කෝ.. අම්මේ ඔයාගෙ චූටි පුතා..ව දාල යන්නද හදන්නෙ අම්මේ..අනේ මගෙ අම්මේ නැගිටින්න..කෝ."

මොනවා කරනවද කියලවත් සිහියක් නැතුවම මම අම්මට නැගිටින්න කියන ගමන් කෑ ගගහ අඬන්න ගන්නකොට යීබෝ ඇවිත් තියෙනවා දැක්ක මම එයා ළඟට දුවගෙන ගිහින් ඒ පපුවෙ එල්ලුනේ කෑ ගහලා අඬන ගමන්.

"අනේ අයියේ..මගෙ අම්මා..එයාට..නැගිටින්න..කියන්..නකෝ..මගෙ..අම්..මා.."

එයාගෙ පපුවෙ එල්ලිලා අඬන මට අන්තිමට මතක මුලු වටපිටාවම නිලංකාර වෙලා ගිහින් එයගෙ ෂර්ට් එකෙන් අල්ලන් හිටිය අත අතෑරෙනවා විතරයි.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬


එදා අයියා මාව හොයාගෙන හොටෙල් එකට ගිහින් නැති නිසා මාව හොයාගෙන ගෙදර ඇවිත්. අම්මගෙ හත් දවසෙ දානෙත් දීලා ඉවර උනේ මහත්තයාට පින් සිද්ධ වෙන්න. එයාගෙ අම්මා වගේම තව අක්කා කෙනෙක් මළ ගෙදර ආවත් එයාල එක්ක කතා කරන්නවත් මන් හිටියෙ හොඳ සිහියකින් නෙවෙයි. මේ හැම දෙයක්ම හීනයක් වෙනවා නම් මම කැමතියි. හැමදාම ගෙදරින් යනකොට අම්මට වැඳලා යන මට දැන් හැමදාටම මේ අඩුව දැනේවි. අම්මා නැතුව මේ ගෙදර මම විතරක් තනි වේවි. මේ හැම දේම මතක් වෙනකොට මට වාවන්නෑ අම්මේ. මට කවුද දැන් ඉන්නෙ. වට පිටේ ගෙවල් දෙක තුනක මිනිස්සු ඇරෙන්න මගේ කියන්න කවුරුවත් ඇවිත් හිටියෙ නෑ. කීප පාරක්ම අසිහියෙන් මට කල්න්තෙ දානවා විතරක් මට මතක තිබුණා.

මම කාමරේ අම්මා හිටිය ඇඳ දිහා බලාගෙන ඉන්නෙ අම්මව මතක් වෙන මතක් වෙන වාරයක් ගානෙ ඇස් වල කඳුළු අළුත් වෙනකොට. එළියට වෙලා කෝල් එකක හිටිය එයා කාමරේට එබෙනවා මම දැක්කා.

"දැන් ඔය ඇඬුවා ඇති නැද්ද ජාන්. අම්මා උනත් ඒ ලෝකෙ දැන් සැනසීමෙන් ඉන්නවා ඇති."

⚡AFTER THE STORM⚡ [Yizhan]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now