01

1.1K 210 162
                                    

හන්ගුක් අධිරාජ්‍ය (1858)

හත් වන කිම් අධිරාජ්‍යයාගෙ පාලන සමය

සුවිසල් රජමාළිගයේ අශ්ව ධාවන පිටියේ එකම ඝෝශාවයි. මාළිගයේ සේවක සේවිකාවන්, වංශවතුන් විතරක් නෙමෙයි විශේෂ අසුන්වල හිඳ ගෙන සිටින රජ පවුලේ සාමාජිකයන් ප්‍රීති ඝෝෂා නගමින් දෑස් දල්වාගෙන බලා හිඳියේ අසු පිට නැග දස්කම් දක්වන ඔවුන්ගේ ගාම්භීර අධිරජ්‍යා දිහා.

"හඃ!!"

අශ්වයාගෙ බඳට තදින් කකුලෙන් ගැසුව අධිරාජ්‍යා අශ්වයාගෙ වේගය වැඩි කලා. එතුමාගෙ තියුණු දෑස් ඊළඟට යොමු වුනේ ඈත රඳවලා තිබුනු ඉලක්ක පුවරුවට.

එක් අතක් තදින් තෝන් ලණුව අල්ලගනිද්දි අනෙක් අත නිරායාසයෙන් අශ්වයාගෙ පිටේ රඳවා තිබූ දුන්න කරා ගියා.

ඒ ක්ෂණිකයෙන් ශරීරය ඍජු කරගත්ත අධිරාජ්‍යා තෝන් ලණුව අතහැරීමත් හීය කරා අත ගෙනයාමත් එකම මොහොතේ සිදු කලා වගේම ඈත පේන ඉලක්ක පුවරුවේ මැද රතු පාට තිත එයාගෙ තියුණු වෘක ඇස් වලින් ඉලක්ක කලා.

"අනේ මට බලන්න බෑ! බලන්න බෑ!!"

ඈත ඉඳන් මේ දිහා බලන් හිටපු සේවිකාවක් ඇස් දෙක තදින් පියවමින් කෑගැහුවා.

"ඇයි බැරි? එතුමා ගොඩක් දක්ෂයි. මේවා එතුමට සරල දේවල්."

ඒක ඇහුන තව සේවිකාවක් අත් දෙකත් එකට තදින් ගුලි කරගෙන කිව්වේ අධිරාජ්‍යයා දිහා සිහිය නැතුව බලන් ඉන්න ගමන්.

හැල්මෙ දුවන අශ්වයා පිට අධිරාජ්‍යයා ඉලක්කයට ඊතලය විදින්න සූදානම් වුනා.

අශ්වයාගෙ වේගය, ඊතලයේ සිට ඉලක්ක පුවරුවට ඇති දුර සහ එය වෙනස් වෙන ආකාරය ගැන හොඳ අවධානයකින් හිටපු අධිරාජ්‍යයා ඊළඟ මොහොතේ දුන්නෙන් හීය නිදහස් කලා.

ඒ වගේම වේගෙන් ඉගිල ගිය හීය හරි කෙලින් ඉලක්ක පුවරුවේ රතු පාට මැදටම වැදුනා.

"යේ!!! අපේ අධිරජතුමා ඒක කලා!!"

එක සේවිකාවක් කෑගැහුවා.

වංශවතුන් එකිනෙකා දිහා බලන් හිස වනමින් හිනා වුනේ අධිරජුගේ ජයග්‍රහණයට. ඉහළ අසුන් වල සිටි අධිරාජ්‍යයාගෙ මවගේ මුහුණෙ ආඩම්බර හිනාවක් ඇඳෙද්දි, ඊට එහා පැත්තෙ හිටපු සුන්දර ඔමේගා තරුණියගෙ මූනෙ ලැජ්ජාව මුසු හිනාවක් ඇඳුනා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Место, где живут истории. Откройте их для себя