48

857 163 246
                                    

"ටේහ්‍යුන්ගි අපි ආයෙත් බටහිර මාළිගයට යමු."

ජන්ග්කුක්ගේ ඒ වදන් වලින් ටේහිව වඩාගෙන නළවමින් හිටපු ටේහ්‍යුන්ගේ හිස පුදුමයෙන් ඔමේගා දිහාවට හැරුනා.

"ආ? ඒ ඇයි?"

"අ-අහ් මං කැමති නෑ ප්‍රධාන මාළිගයෙ ඉන්න." ජන්ග්කුක් බිම බලන් කිව්වත් ටේහ්‍යුන් ව්‍යාකූලව සිටියා.

"ඒ ගැන බලන්න ඕන පැටියො, සිද්ද වුන දේ ආයෙ සිද්ද වෙන්න මං ඉඩ තියන්නෙ නෑ. බටහිර මාළිගයට මට හැමවෙලේම යන්න එන්න බැරි නිසයි මගෙ පැටව් අනාරක්ෂිත වුනේ. මං කැමති නම් ඔයාලා හැමෝම මෙහෙ ඉන්නවට." ටේහ්‍යුන් කිව්වා. එයාට පුදුමයි ජන්ග්කුක් ඇයි එවැනි ඉල්ලීමක් කලේ කියලා.

ජන්ග්කුක් හිස වැනුවා විතරයි.

"අධිරජුනි, මව්බිසව කුමරුව රැගෙන ඇවිත්."

පිටතින් සේවකයා කියනවා ඇහෙද්දි ජන්ග්කුක්ව ගැස්සුනා. එයා අපහසුවෙන් කෙළ ගිලලා අධිරජු දිහා බැලුවා.

"ම-මං එයාව ගන්නම්."

කිව්ව ජන්ග්කුක් දොර ගාවට ගිහින් හිමින් දොර ඇරියා.

අධිරජුව බලාපොරොත්තුවෙන් හිටපු මව්බිසව ඒ වෙනුවට ජන්ග්කුක්ව දැකලා මූන අමුතු කරගත්තා. මේ අතරේ දවස් ගානකට පස්සෙ ඔම්මව දැක්ක පැටියා උද්‍යෝගයෙන් කෑගහමින් මව්බිසවගෙන් මිදෙන්න උත්සාහ කරමින් දැඟලුවා.

ඉතින් මව්බිසව ඉක්මනින් පැටියව ජන්ග්කුක් අතට දෙන්න සූදානම් වුනා. ඒත් ජන්ග්කුක්ගේ දරුණු දෑස් මව්බිසවටම යොමු වී තිබුනා.

පැටියව දෙන්න මව්බිසව ළං වෙද්දි පැටියව වඩා ගත් ජන්ග්කුක් එයාගෙ මුහුණ ගාවම තියෙන මව්බිසවගේ මුහුණ දිහා තියුණුව බැලුවා.

"කුමන දෙයක් සිදු වුනත් මගෙ ඇල්ෆා ඉන්නෙ මගෙ පැත්තෙ විතරයි මව්බිසවුනි. පුළුවන් නම් උත්සාහ කරන්න අධිරජුගෙ විශ්වාසය බිඳින්න." ජන්ග්කුක් එහෙම මුමුණලා ඊළඟට සිනහ මුසු මුහුණින් එයාගෙ පැටියව සිඹ කුටියට ඇතුළු වී මව්බිසව ඉදිරියේම දොර වසා දැමුවේ මව්බිසව කම්පනයෙන් මේ දිහා බලා හිටිද්දි.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now