02

883 205 139
                                    

පරිසරය කළුවරේ ගිලිලා තිබුනා.

සාකච්ඡා ශාලාවෙන් පිටත් වුනු අධිරාජ්‍යා හිමින් අඩිය තියමින් බිමත් බලාගෙන ගමන් කලේ තවමත් යන්තම් පපුවෙන් දැනෙන වේදනාව මගඇරගන්න උත්සාහ කරමින්.

ටිකක් මගනැවතුනු අධිරාජ්‍යයා තදින් ඇස් දෙක පියාගත්තා. ඊළඟට ලොකු හුස්මක් ගත්ත එයා ඔලුව කෙලින් කරලා ආයිත් අඩිය තියන්න සූදානම් වුනත් එයාට දැනුනා වෙනසක්.

ක්ෂණිකයෙන් පිටුපස හැරුනු ටේහ්‍යුන් දැක්කා සේවක පිරිවරෙන් එකඳු සේවකයෙක් පිටුපස නෑ කියලා.

අධිරාජ්‍යයා ව්‍යාකූල වුනා.

ඒත් එයාගෙ ගතට අනතුරක සේයාවකදූ දැනුනෙ නෑ. එයාගෙ වෘක කන් වලින් සහ නාස් පුඩු වලින් එයා ටික වෙලාවක් හොඳ අවධානයෙන් හිටියත් කිසිම අමුත්තක් එයාට දැනුනෙ නෑ.

තවත් එතන බලන් ඉන්න එකේ තේරුමක් නැති නිසාත්, ගතේ මහන්සිය නිසත් අධිරාජ්‍යයා මාළිගාවට යන්න පිටත් වුනා.

ඒත් මාළිගයට ළං වෙද්දි අධිරාජ්‍යයාගෙ කකුල් හිටිතැන නැවතුනා.

මාළිගාව ඉදිරිපිට කිසිඳු සේවකයෙක් නොමැති වීමත්, මාළිගාව වටේ එක ආරක්ෂක සෙබළුකුවත් නොමැති වීමත්, මාළිගාව ඇතුලෙ පහන් නිවා තිබීමත්, එයාගෙ නාසයට දැනෙන ඔමේගාවෙකුගේ උද්වීපන සුවඳත්, කන් වලට ඇසෙන සිහින් කෙඳිරීමුත් අධිරාජ්‍යයාට සියල්ල අවබෝධ කලා.

"ඔම්මා."

අධිරාජ්‍යයා කළකිරීමෙන් හිමින් මිමිණුවා.

එයා මේ දේ බලාපොරොත්තු වුනා. අද දහවල් යාමයේ මව් රැජිණ එක්ක තිබුනු කතාබහෙන් පසුව අද රාත්‍රියේ මෙවැනි දෙයක් සිදුවෙයි කියලා එයා බලාපොරොත්තු වුනා.

හිමින් හිමින් අඩිය තියමින් මාළිගය ඇතුළට ගිය අධිරාජ්‍යයා දැක්කා එයාගෙ ඇඳ මත නිරුවතින් ඇඹරෙන අගරැජිණ. ටේහ්‍යුන්ගේ මූනෙ සමච්චල් සහගත හිනාවක් ඇඳුනා.

එයාට තියෙන පීඩාවන් මදිවට එයාගෙම පවුලෙ අය එයාට තව තවත් පීඩාවන් ගෙන දෙන විදිහට එයාට සිනහා පහළ වුනා.

අද පුරහඳ දවසක්, අද වගේ දවසක වෘකයන්ගෙ රාගික හැඟීම් ඇවිස්සෙනවා වැඩියි. ඒත් අධිරාජ්‍යයා වෙදදුරන්ටත් හොරෙන් දිනපතා ගන්නා ඒ ප්‍රබල ඖෂධය සඳ එළියෙන් දිලෙන ඔමේගා තරුණියගේ නිරුවතටවත් එතුමාගෙ රාගික හැඟීම් අවුස්සන්න ඉඩ දුන්නෙ නෑ.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Donde viven las historias. Descúbrelo ahora