12.

1.9K 396 14
                                    

මමයි අපේ උනුයි ඉඳන් හිටියේ ඔඩිටෝරියම් එකේ.අරවා මේවා තරඟ ඔක්කොම ඉවර වෙලා අපි හිටියෙ ස්තූති කතාව ඉවර කරනකන්.පිනත් කියවනවා කියවනවා ඉවරයක් නෑ.ආනා නම් බෙල්ල කාඩගෙන නිදි.ජින්නා බෙල්ලට මුක්කු ගගහා ඌව කෙලින් තියන්න මහන්සි වෙනවා.අනික් ස්කෝල වලිනුත් ඇවිල්ලා නිසා අජ වෙන්නත් බෑ.හිතුවට වැඩ ටික සුපිරියට උනා.පිට ඉස්කෝල වලින් ආව උනත් උනුත් අපිට සපෝට් කරා.අන්තිමට ඉවර වෙලා ජාතික ගීයත් කියලා එළියට එද්දි අපේ උන්ට රටක් රාජ්‍යක් හ්ම්බුනා වගේ.එලේවල් කරන අපේ එකේ අයියලත් ඇවිල්ලා වැඩේ ගැන ප්‍රශංසා කරනකොට අපේ උන්ට මල් හතයි.හිතුවට වඩා වැඩේ සුපිරියට වුන හින්දා අපේ උනුත් සතුටෙන්,ආව උනුත් සතුටෙන්.

ඔක්කොම ඉවර වෙලා අස් කරලා දාලා මමත් සැරියෙ එල්ලුනා.අද ගියා කියලා වැඩ කරන්න වෙලාවක් නෑ.එහෙමයි කියල වලව්වට නොගොහිනුත් බෑ.බස් එකෙන් බැහැලා මං වැව් කන්ඩිය දිගෙ ආවෙ ගලකටත් පයින් ගහගෙන.ආග්‍රගෙ කාර් එක මාව පහු කරන් ගියේ දූවිලි අවුස්සගෙන.රටේ නැති කුනුහබ්බ තොගයක් මගෙ කටට ගලාගෙන ආවා.

කටේ තිබ්බ දූවිලි ටිකත් ෂර්ට් අතෙන් පිහන් මං වලව්වෙ කුස්සිය අස්සට රිංගගත්තා.මං යද්දි පොඩි මැණිකෙයි ලොකු මැණිකෙයි සුදු අක්කා එක්ක බර කයියක්.

"ඔච්චර චාම් සාරියක් ම ගැළපෙන්නෑ සුදු කෙල්ලේ.ටිකක් මෝස්තර තිබ්බහාම මක් වෙනවද.ඇරත් උබ ඉතිම් මේ වලව්වෙ ලේලි පොඩ්ඩ නොවැ.ඔක්කොම එන්නෙ ලොකු ලොකු පවුල් වලින්.උබ ඉන්න ඕනෙ ඔය කොයි කාටත් වඩා හැඩට"

"ආහ් කේත් ඔයා ආවද?"

පොඩි මැණිකෙ මං ගාවට ඇවිත් ඉනට අත් දෙක තියාගත්තා.

"යසයි ගෙදර වැඩට ඉන්න උන් එන වෙලාව.ඔය නාඩගම ඉවර නම් හෙට ඉඳන් වත් පිළිවෙළට වැඩට වරෙං.මුං දැං දැං එනවා අපේ ඔලුවට අත සෝදන්න"

ලොකු මැණිකෙගෙ සද්දෙ කුස්සිය පුරා ගියා.

"අපි සාලෙට යං අම්මේ.ආග්‍රත් ආවනේ.යංකෝ.චූටි යං"

සුදු අක්කා ලොකු හාමිනේවත් ඇඳගෙන මාරු උනේ මට පොඩි හිනාවක් දාලා.

මං එහෙම්ම හිරමණෙ උඩ ඉඳගත්තා.ඇඟට මාර මහන්සියක් තිබ්බේ.යට කරලා තිබ්බ ෂර්ට් එකත් උඩින් දාගෙන මං කර ඇතුළට පිම්බා.අම්මා වත්තට ගිහින් වගේ.මම වතුර එකක් රත් වෙන්න දැම්මා.ෂෝටක් ගහගෙන මමත් වත්තට ආවෙ අම්මව හොයාගෙන.රබර් ගස් අස්සෙ වත්ත කෙළවරට වෙන්න තියෙන අලිපත ගල උඩ මාගලක් දාගෙන අම්මා කරාබු ටික අතෙන් තුනී කරනවා.

ආග්‍රWhere stories live. Discover now