#8. Secret Garden

63 15 104
                                    

Continuing someone's pov :

ජීයුන් ඔෆිස් එක ඇතුළට ගිහින් වාඩි වුනේ එයාට වෙන වෙලා තිබ්බ තැනින්. පැය ගානක් යනකන් සාමාන්‍ය විදිහට වැඩ ටික කරගෙන ගියපු ජීයුන් ෆෝන් එක ගත්තේ අනිත් එයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි කියලා හිතාගෙන. ඒත් ටිකකින් ජීයුන්ට වඩා වයසින් වැඩිමල් ගෑණු ළමයෙක් ඇවිත් ජීයුන්ට කිව්වේ ජීයුන්ට ප්‍රමෝෂන් එකක් ලැබුනා කියලා. ඉතින් එක පාරටම වෙච්ච දේ හිතාගන්න බැරුව හිටපු ජීයුන් පුදුම වෙලා බලාගෙන ඉද්දි අර ආපු ගෑණු ළමයා ජීයුන්ව ඇදගෙන ගිහින් එයාට පෙන්නුවේ ඔෆිස් එකේ CEO ගෙ සෙකට්‍රිගේ රූම් එක. ඊට පස්සේ එතනින් ගිහිල්ලා ජීයුන්ව වාඩි කරපු අර ගෑණු ළමයා කියාගෙන ගියේ අද ඉදන් එයයි මෙතන ඉන්න සෙකට්‍රි කියලා වුනත් ජීයුන්ට නම් ඒවා කනකටවත් ඇහුනේ නෑ. මොකද කෙල්ල හිටියේ වෙච්ච දේ හිතාගන්න බැරුව වාඩි වෙලා හිටපු පුටුවේ වටේටම කැරකි කැරකි. ඒ අතරේ හදිස්සියේම ආපු තවත් ගෑණු කෙනෙක් ජීයුන්ට කතා කරලා කිව්වේ CEO එයාට කතා කරලා කියලා. ඒක ඇහුනාම තමයි ජීයුන් මේ ලෝකෙ සිහියට ආවේ.

හිමින් හිමින් අඩිය තිය තිය ඔෆිස් රූම් එකට ජීයුන් ඇතුල් වුනේ හදිසියේම වුන දේවල් නිසා බය වෙලා. රූම් එක ඇතුළට ගියත් කිසිම කෙනෙක් පේන්න හිටපු නැති එක ජීයුන්ව තවත් බය කරා. ඒත් එක්කම පිටි පස්ස හැරිලා තිබ්බ CEO ගෙ පුටුව තමන් ඉන්න පැත්තට හැරෙනවා කියලා දකිද්දි ජීයුන් බිමි බලා ගත්තේ එයාට තවමත් මේ වෙන දේවල්වල තේරුමක් තේරුනේ නැති නිසා. පුටුව ඉස්සරහට හැරුනත් විනාඩියක් දෙකක් යනකන් කිසිම සද්දයක් නැති නිසා ජීයුන් එයාගේ ඔළුව උස්සද්දියි දැක්කේ ඒ පුටුවේ වාඩි වෙලා ඉන්නේ එයාට උදේම හම්බුන පිරිමි කෙනා කියලා. තවමත් මොකුත් හිතාගන්න බැරුව හිටපු ජීයුන් දැක්කේ ඒ පිරිමි කෙනා අමුතු විදිහට හිනා වී ගෙන තමන් දිහා බලාගෙන ඉන්න විදිහ. ඒකෙන් කේන්ති ගිය ජීයුන් එකපාරටම අර පිරිමි කෙනා ගාවට ගිහින් එයාගේ අතින් අදින්න පටන් ගත්තා.

Jiyun : ඔහෙට පිස්සුද? නැගිටිනවා ඔතනින් විකාර කරන්නැතුව! තමුන්ට ආතල් ගන්න ඕනි නම් ගිහින් වෙන කාගෙන් හරි ආතල් ගන්නවා බොස්ගෙන් ගන්නැතුව. ඇයි යකූ මේ දේවල් දැක්කොත් ඒකා මටනේ බනින්නේ. නැගිටින්න ඉක්මනට!

Witches of the Cold Night ✔️Where stories live. Discover now