03

858 195 136
                                    

"ම-මගෙ, මගෙ ම්-මේට්?"

"අපේ මේට්!! ඒ අපේ මේට් ටේ! එයා මේ ළඟම ඉන්නවා!!"

වන්ටේ ඇතුලාන්තයෙන් කෑගහන විදිහ ටේහ්‍යුන් කම්පනයෙන් අහන් හිටියා.

පැහැදිලිවම දැන් එයාට දැනුනා මිහිරි ලිලී මල් සුවඳ මිශ්‍ර වුනු ඒ සුවඳ. කෙනෙකුගෙ ස්වාභාවික සුවඳ දැනෙන්නෙ එයාගෙ මේට්ට විතරයි.

පළවෙනි වතාවට කෙනෙකුගෙ ආවේණික සුවඳ ටේහ්‍යුන්ට දැනෙමින් තිබුනා. ඒ කියන්නෙ ඒ එයාගෙ මේට්ගෙ සුවඳද? ඒත් අධිරාජ්‍යයාට මේක විශ්වාස කරගන්නට බැරි තරමේ පුදුමයක් වුනා.

කඳුලු රැඳි දෙනෙත් තාමත් කම්පනයෙන් විශාල වෙලා පැවතුනේ සිද්ද වෙන දේ තාමත් එයාගෙ මොළයට අවබෝධ වෙලා නොතිබුන නිසා.

ඒත් ඇතුළාන්තයේ හිටපු එයාගෙ වෘකයාට නම් ඉවසීමක් තිබුනෙ නෑ. ටේහ්‍යුන්ගේ ඇස් ක්ෂණිකයෙන් රත් පැහැයට හරවමින් එයාගෙ ශරීරය භාරගත්ත වන්ටේ ඊළඟ මොහොතේ එයාගෙ ස්වරූපයට එක පිම්මකින් පරිවර්තනය වුනා.

මේට්ගෙ සුවඳට වන්ටේ හිටියෙ උමතු වැටිලා. එයා එයාගෙ දිගු හොම්බ වාතයට දිගු කරමින්, තව වෙලාවක බිම දිගේ ඉව කරමින් එයාගෙ මේට් ඉන්න ඉසව්ව හොයාගෙන ගියා.

එක පිම්මට වේගෙන් දිව්ව වෘකයාට ඉවසීමක් තිබුනෙ නෑ එයාගෙ මේට්ව දකිනකන්.

දිගටම ඉව කරමින් ගිය වෘකයා අන්තිමේදි නැවතුනේ දිය ඇල්ලේ හඬ ආසන්නයෙන්ම ඇසෙන ඉසව්වෙ. වෘකයා හිස ඔසවලා ඒ දිසාව බැලුවා. ඒත් ගස්කොළන් වලින් ගහණ කැලෑවෙන් දිය ඇල්ල වැහිලයි තිබුනේ.

ඒ ක්ෂණිකයෙන් අධිරාජ්‍යයා මිනිස් ස්වරූපයට පරිවර්තනය වුනා.

ටේහ්‍යුන්ගේ හදවත වේගෙන් ගැහුනා. එයා එයාගෙ වෙව්ලන කකුල් වලට පණ දෙමින් ළඟින්ම ඇහෙන ඒ සංගීත රාවය පැමිණෙන දෙසට පියනැගුවා.

කිසිම ශබ්දයක් නොනැගෙන විදිහට පරිස්සමින් අඩිය තිබ්බ අධිරාජ්‍යයා ගැහෙන හදවතින් දිය ඇල්ල එයාගෙ දර්ශණ පතයෙන් වහපු ඒ කොළ අත්ත හිමින් මෑත් කරලා බැලුවා.

අධිරාජ්‍යයාගෙ හදවත මොහොතකට නතර වුනා.

එයා එතන හිටියා, එයාගෙ මේට් එතන හිටියා. එයාව නිවපු ඒ සංගීතයේ අයිතිකාරයා වෙන කවුරුත් නෙමෙයි, එයාගෙම මේට්.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now