04

914 194 199
                                    

හේජන්ගෙන් සමුගෙන ජන්ග්කුක් තනිවම එයාගෙ නිවසට පියමනිමින් හිටියා. තාමත් හිස බිමට නැඹුරු කරගෙන එයා හිමින් අඩිය තිබ්බේ කලින් කතා කල මාතෘකාව තාමත් කල්පනා වෙමින් තිබුනු නිසා.

ඒත් නිවසට ළං වෙද්දි හිස එසෙව්වම ඈත තියාම විශාල පිරිසක් එයාගෙ නිවස ඉදිරිපිට ඉන්නවා දැකලා එයාගෙ කකුල් හිටිතැන නතරවුනා.

ජන්ග්කුක් ව්‍යාකූල වුනා. සාමාන්‍යයෙන් උදේ වරුවෙ මෙච්චරටම සෙනඟක් පිරෙන්නෙ නෑ එයාගෙන් ප්‍රතිකාර ලබන්න.

අනිත් කාරණාව තමයි ඇවිත් හිටපු පිරිසගෙ ඇඳුම්. ඒවා බටහිරකරණය වැළඳගත්ත ඇඳුම්. එහෙම ඇඳුම් ඇඳගත්ත පිරිස් කවදාවත් ගමට ඇවිත් නෑ. මේ ඇවිත් ඉන්නෙ පිටිසර පිරිසක් කියලා ඒකෙන්ම ජන්ග්කුක්ට තේරුනා. ඒ වගේම එයා දැක්කා ගම්මු කිහිපදෙනෙකුත් වැට මායිමෙන් එබෙමින් ඒ පිරිස දිහා ව්‍යාකූලව බලන් ඉන්න විදිහ.

සිද්ද වෙන්නෙ මොකද්ද බලන්න ජන්ග්කුක් නිවසට යන්න තීරණය කලා.

"ඔයාලා කව්ද?"

ජන්ග්කුක්ගේ හඬින් හිටපු පිරිසම හැරුනත් ගමේම වැසියෙකුයි එයා ගාවට දුවගෙන ආවෙ.

"ඔහ් වෙදදුරුතුමා,"

කිව්ව එයා ජන්ග්කුක් ළඟටම කලබලෙන් ආවා.

"මං කැලෑවෙ දර හොයන්න යද්දි මේ සංචාරකයො හම්බ වුනේ. එයාලගෙන් කෙනෙකුට තුවාලයි. එයාව අපි ප්‍රතිකාර කුටියට ගෙන ගියා." ගම්වැසියා කිව්වම ජන්ග්කුක්ගේ සැක සහිත බැල්ම එහා හිටපු පිරිසට යොමු වුනත් එයා හුස්මක් හෙළලා හිස වැනුවා.

"හොඳයි මං බලන්නම්." කිව්ව ජන්ග්කුක් ප්‍රතිකාර කුටියට පිටත් වුනා.

ඒත් ප්‍රතිකාර කුටියට එයා ඇතුලු වුනා පමණයි එයාගෙ රෝගියාව දුටුව ජන්ග්කුක්ගේ ඇස් කම්පනයෙන් විශාල වුනේ එයාගෙ රෝගියත් ඒ ආකාරයෙන්ම එයා දිහා බලන් ඉන්දැද්දි.

"තමුන්?!"

"ඔ-ඔයා?"

ඔව් ඒ වෙන කෙනෙකුන් නොවෙයි අධිරාජ්‍යයා.

ටේහ්‍යුන්ගේ අනෙක් පස බිම වාඩිලා ගෙන හිටපු ජිමිනුත් නම්ජුනුත් මූනට මූන බලාගත්තේ ව්‍යාකූලව.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now