05

853 197 140
                                    

"නම්ජුන්, මගෙ නහය ඇදවෙලාද?"

අධිරාජ්‍යයා විමසුවේ එයා දිහා කළකිරීමෙන් බලන් ඉන්න නම්ජුන්ගෙන්. ඒ අතරේ සේවකයො එයාව පිරිසිදු කරමින් හිටියා.

"ඔබතුමාට නහයක් තියෙන එක ගැනත් මට සතුටුයි. බලන්න ඔබතුමාට කොච්චර හානියක් වෙලාද ආ?" නම්ජුන් මූන හකුළන් කිව්වම ටේහ්‍යුන්ට හිනා ගියා.

"ඔබතුමා ඔහොම හිනාවෙන්න එපා, මට බය හිතෙනවා ඊළඟට මොනවා වෙලා තියෙයිද කියලා." නම්ජුන් කිව්වම ටේහ්‍යුන්ගේ මූනෙ මදහසක් නැගුනා. එයා වෙන අතක් බලාගෙන එයාගෙ මේට්ව හිතින් මවාගන්න උත්සාහ කලා.

"මගෙ ඔමේගා ගොඩක් හුරතල් නේද? එයා කේන්තියෙන් මං දිහා බලන විදිහ, ගොඩක් හුරතල්." අධිරාජ්‍යයා කියද්දි නම්ජුන් කටත් ඇරගෙන එයා දිහා බලන් හිටියා මිසක් කිසිම ප්‍රතිචාරයක් දැක්වූවෙ නැහැ.

"එයා දැන් කෝ නම්ජුන්? දැන් ගොඩක් වෙලාවකින් මං එයාව දැක්කෙ නෑ."

"ඔබතුමා විවේක ගත්තොත් හොඳ නැද්ද? මෙහෙට ආවත් හරි දැන් පැය දොළහකටත් වැඩිය ගෙවී ගිහින් ඔබතුමා ඇස් පියෙව්වෙවත් නෑ."

නම්ජුන් කිව්වත් අධිරාජ්‍යයා නම් වෙන සිහින ලෝකෙක.

"එයාගෙ නම මොකද්ද නම්ජුන්? ඔයා දන්නවද එයාගෙ නම?" ටේහ්‍යුන් ඇහුවම නම්ජුන් හුස්මක් හෙළුවා.

"එතුමාගෙ නම ජන්ග්කුක්."

නම්ජුන් ඒක කිව්වම එයා දැක්කා අධිරාජ්‍යයාගෙ මූනෙ ලොකු හිනාවක් ඇඳෙන විදිහ. අධිරාජ්‍යයා නැවතත් හීන ලෝකෙක ගිලිලා ඉන්නවා දැකලා නම්ජුන් මදහසක් නැගුවා.

මේ අවුරුදු ගානටම එයාලගෙ අධිරාජ්‍යයා මෙතරම්ම හිනා වෙනවා නම්ජුන් දැක්කාමයි. ඒ අව්‍යාජ, අවංක හිනාව තේරුම් කලා එතුමා ඉන්නෙ කොතරම් නම් සතුටකින්ද කියලා.

නම්ජුන්ටත් ගොඩක් සතුටුයි, ආයිත් අධිරාජ්‍යයා අසනීප වෙන කාලය අවසන් වෙන්නයි යන්නෙ, එතුමා නිරෝගීව සතුටින් ජීවත් වෙන්නයි යන්නෙ.

මේ වතාවෙ දොර ඇරගෙන ජන්ග්කුක් ඇතුලු වෙනවා එක්කම නම්ජුන් නැගී සිටියා. එයා ආයිත් ඖෂධ බඳුනක් සකස් කරලා ඇවිත් තිබුනා වගේම එයාට දෙකට නැමීගෙන ආචාර කරන නම්ජුන් දිහා එයා පුදුමයෙන් බැලුවා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now