දහතුන්වෙනි කොටස

659 150 20
                                    


ආදිත්‍ය සැරින් සැරේ ඊමෙල් එක චෙක් කරන ගමන් එයාගේ වැඩකටයුතු කරගෙන යන්න උත්සහ කලා... සාර්ථක වුනා නෙමෙයි. උත්සහ කලා... ඒ හැම මොහොතකදීම ආදිත්‍යගේ ඔලුවට ආවේ මලිති මොහොතකින් එවන්න නියමිත තිලකවර්දන මහත්තයාගේ කතාව ගැනයි. අන්තිමේදී මලිතිගෙන් ඊමෙල් එකක් ඇවිල්ලා තියෙනවා දැක්කම ආදිත්‍යට තත්පරේකට හුස්ම ගන්නත් අමතක්වුණා.

සබ්ජෙක්ට් ලයින් එක තිබුනේ මලිති ලියාපු දෙයක් නෙමෙයි... ශුවර් එකටම මාමා කතාව හදන්න දුන්නු කෙනා එයා යවපු ඔරිජිනල්ම පිටපත් ඒ විදිහටම මලිතිට එවන්න ඇති කියලා ආදිත්‍ය තීරනය කලේ ඒ නිසයි.

ආදිත්‍ය ඊමේල් එක ඕපන් කරලා කතාව තිබුණු ඩොකියුමන්ට් එක ඩවුන් ලෝඩ් වෙනකල් නොයිවසිල්ලෙන් ඇඟිලි තුඩුවලින් මේසේට තට්ටු කලා.... ඊට පස්සේ ඩවුන්ලෝඩ් වුන ඩොකියුමන්ට් එක ඩබල් ක්ලික් කලේ විදුලි වේගෙන්.

පිටු අටක් දිග කතාවක්... පොඩිම පොඩි අකුරුවලින්...

'... සුභ සන්ද්‍යාවක් නෝනාවරුණි මහත්වරුණි... මම බෝපිටිය සමාගමේ කාර්‍යබාර ප්‍රධාන විධායක නිලධාරී... රෙජිනෝල්ඩ් තිලකවර්දන...'

ආදිත්‍ය ඒ පලවෙනි පටන්ගන්න වාක්‍යම දෙතුන්ගමනක් කියෙව්වා. ඊලඟට ආයෙමත් කියෙව්වා... කේන්තියෙන් හුස්ම වැටෙන වේගේ වැඩිවෙන්වා දැනෙද්දී ආදිත්‍යට කෙලගිලගත්තෙත් බොහොම අපහසුවෙන්.

ඇක්ටින් සී.ඊ.ඕ...? කවුද තිලකවර්ධන මහත්තයට එහෙම තනතුරක් බාර දුන්නේ? කවද්ද භාර දුන්නේ..? කොයි වෙලාවෙද බාර දුන්නේ...?

'... විසිපස්වෙනි බෝපිටිය ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට ඔබ හැමදෙනාම සාදරයෙන් පිලිගන්නවා. මේ සතිය පුරාවට බොහොම ආකර්ෂණීය දේවල් ප්‍රදර්ශනය ඇතුලෙදි ඔබලාට අත්දකින්න පුළුවන් වේවි.... ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අද ආරම්බය විතරයි. තරු පන්තියේ හෝටල්වල සූපවේදීන් විසින් සංවිධානය කරන බොහොම ප්‍රණීත භෝජන සංග්‍රහයකුත්.... කොටස් වෙළඳපල ආයෝජකයන් සඳහා සඳහාම වෙන්වුනු සන්ධ්‍යා සාදයකුත්... ඉදිරි දින කිහිපය තුළදී පැවැත්වීමට සියල්ලම සූදානම් කරලයි තියෙන්නේ...'

අසුර හැන්ඳෑවWhere stories live. Discover now